(පිටුව 41)
එබදු ප්‍රිය මනාප ලෝකයක සාර යයි අල්ලන්නට වටින දෙයක් නැති බැවින් සියලු ප්‍රිය මනාපයෝ අනාථ සේ දකිමි. මෙසේ දන්නා මෙසේ දක්නා මොහොතක් පාසාම මා තුල අවිද්‍යාව, තෘෂ්ණා ගති සහ වැඩ පිලිවෙල මොහොතින් මොහොත අළු වන අයුරු හොදට දනිමි. දකිමි.
හදුන්කූර අප අමතයි,
පින්වත, ඔබේ දහම් නුවණ ඉතා යහපති. තවත් මා දෙස හොදට බලන්න. මා මෙහි ටිකෙන් ටික කෙටි වන අයුරු ඔබට පෙනේද? ඔබ ලග එසේ කෙටි වන්නේ කුමක්ද? දහමින් එය මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු,
පින්වත, ලෝකය අනාථ ලෙස නිසරු ලෙස දකින මොහොතක් පාසා මා යන මේ සසර ගමනේ කුමන හරයක් ඇතිදැයි මට සිහිවේ. සියලු අතීතයේ දක්නට ලැබුනේ අහිමි වී ගිය නිසරු දෙයමයි. දැන් දක්නට ලැබෙන්නේද කිසි හිමිකමක් නොතිබිය හැකි ගෙවී යන නිසරු දෙයමයි. මතු ලැබුනත් ලැබෙන්නේ හිමිකම් කිසිත් නොලබන ගෙවී වැනසෙන නිසරු දෙයමයි. මෙබදු ලොවක් සාර යැයි ගෙන සැරි සරන සසර ගමන මුලාවක් බව වැටහෙන මාගේ සසර වැඩ පිලිවෙලට සිත නොපිහිටන අයුරු මා විසින්ම අත් දකිනු ඇත. භව ගමන කෙටි වන අයුරු අත්දැකීමෙන්ම මට වැටහේ. ඒ මාගේ කෙටි වන ගමනයි.
හදුන්කූර අප අමතයි,
ඉතාමත් යහපති පින්වත, මා සමව දහම් දකින ඔබෙන් තව එකම පැනයක් අසමි. මෙසේ කෙටි වන මා අන්තිම මොහොතේ මේ ගිනි බිදදා නිවෙන තැනට පත්වෙමි. එවිට මමයි කිසිවක් මෙහි ඉතිරි නොවන බව දකිමි. ඒ ගැන ඔබේ දහම් උපමාවද සසදා මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු,
පින්වත මගේ ලෝභ ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, බුර බුරා නැගුන පෙර ස්වභාවය දැන් නැත. ක්‍රමයෙන් නිවී යන භව ගනින් වැඩී කල් නොපවතින බවත් ඒකානත්යෙන් නිවී යන දහම මා තුල ක්‍රියාත්මක වන බවත් මම සක් සුදක්සේ දකිමි. යම් මොහොතක මේ ගින්න සහමුලටද නිවේද එදින මමය, මගේය යන සංඥා මාත්‍රයක්වත් ඉතිරි නොවන බව දනිමි. ඒ භව ගමනේ අවසානයයි. අරිහත් ඵලයේ විමුක්තියයි. එවිට පංචස්කන්ධය කෙළවර වන මොහොතින් පසු සියලු දුකින් සදහටම නිදහස් වන බව දැන සිටිමි.
(පිටුව 42)
හදුන්කූර අප අමතයි,
ප්‍රඥාවෙන් උපමා සසදා දහම් මග දකින ඔබ මා උපමා කලද එසේම දකින්නට දක්ෂ බව පිලිගනිමි. බුදු පියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින ලෙස මනසින් මවා මාගෙන ගොස් තබා, ඔබේ ශාසන සමවත් ගමන් මග මා උපමා කල ලෙසම සිදු කරන බව සිහි කර පිලිවෙත පුරා නිවන් සුව අත් කරගන්න.
මේ පෙර බොදුනුවන් හදුන්කූරෙන් නිවන් මග දුටු ආකාරයයි.
මෙසේ මලින් සීල ශාසනයත් හදුන් කූරෙන් සමාධි ශාසනයත් දුටු ආදි බොදුනුවෝ පහනින් ප්‍රඥා ශාසන මග සිහි කලෝය. ඒ වටිනා දහම් මග යටපත්වී ගිය මෙකල මහා නුවණ වඩන පින්කම් ලෙස පහන් දහස් ගණනින් දල්වති. බුදු රජාණන් වහන්සේට මේ පහන් පූජා වේවායි නිවන්ද ප්‍රාර්ථනා කරති. ප්‍රඥාව පැතුවාට ලැබේද? මග දැන වැඩුවොත් ලැබේද? ඔබට හිතා බලන්න.
වසර දෙදහස් පන්සීයකට පෙර පටන්ම බොදුනුවෝ පහන් පූජා කර ඇත. නිවන්ද ප්‍රත්‍යක්ෂ කර ඇත. ඒ උතුම් නිවන් මග පහනින් දුටු බොදුනුවෝ උතුම් ප්‍රතිපත්ති පූජාවක්ම සිදුකර ඇත.
ඒ මග කුමක්ද?
හේතු නිසා ඵලයක් ඇතිවේ. හේතු සමගම ඵලය විද්‍යාමාන වේ. හේතු වැනසුන විට ඒ සමග ඵලයද වැනසේ. ඇති සේ පෙනෙන ඝනීභවන සියල්ල හේතු බිදු සමූහයන්ගේ ඵල බිදු සමූහ ඒකරාශීව සිදුවන ක්‍රියා ප්‍රතිඵලයකි. ඇතිසේ රවටන මායාවකි. මේ සත්‍යය දකින විට ක්ෂණයක්වත් මමය... මගේය... මාග් ආත්මයය කිව හැකි කිසිවක් ලොව තුල නැතැයි දකින ප්‍රඥා ආලෝකය පහලවේ. අවිද්‍යා... තෘෂ්ණා... මුලාව දුරුවී නිවන් ප්‍රත්‍යක්ෂ කරයි... එය මතු භවයක නොව මේ භවයේමයි...
පහන උපමා කර මේ දහම් දකින්නේ මෙසේයි.
පහනේ ගොටුව තුල ඇති තෙල් අපට පෙනේ. එම තෙල පෙගමින් එහි තැවරී ඇති තිරයද අපට දැක ගත හැකිය. සුලගද දැල්ලක් ඇති කිරීමට සුදුසු පරිදි අවටින් ඇදී සිටී.
ආරම්භක දැල්ලක් රත් වීමකින් සිදුවේ. රත්වන තෙල් බිදු ඇහැට නොපෙනෙන තරම් සියුම්ව තිරයෙන් ගිලිහෙන විට ආධාරක වාත අංශු මාත්‍රද ඒ හා මුසු වේ.
0 comments:
Post a Comment