මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 15, 2010

පිටුව 57 සහ 58


(පිටුව 57)
සතර අපාය නම් මහ රෝහලේ ගතවීම තාවකාලිකව නතර වූවත් සුළු රෝගාබාධ වලින් නිතර‍ පෙළෙන රොගී තත්වය දුරු කරගන්ට සමත් නොවේ.
ස්වභාවධර්මතා නම් පාලක මණ්ඩලය මේ පිරිස තාවකාලික මුත් සාමාන්‍ය භව රොගීන් සේ සලකා රෝග ලක්ෂණයක් වැළදුන වහාම ප්‍රත්‍ය ඖෂධ ආහාරයක් ගෙන සමනය කරගන්ට නිදහස දී තාවකාලිකව නිදහස් පරිසරයකට පිවිස වනු ඇත.  එනම් මිනිස් ලොව ඇතුලු සදිව්‍ය ලෝක නම් වූ කාම ස්වර්ග ප්‍රදේශයයි.
මෙයින් මිනිස් කාම ස්වර්ගය යනු සියලු ප්‍රත්‍ය ඖෂධ ආහාර මෙන්ම සියලු අපත්‍ය ආහාරයන්ගෙන් පිරුණු ගබඩාවකි.  සිහි බුද්ධියෙන් ප්‍රත්‍ය අපත්‍ය ආහාර තේරුම් ගත් පිරිස කය රෝගී කරන අපත්‍ය ආහාරත්, සිත රෝගී කරන අපත්‍ය ආහාරත් තේරුම් ගෙන ඒ ඒ මට්ටමින් මිදී තාවකාලිකව ආබාධ මැඩ පවත්වාගෙන ආබාධ සහිත ලෝ කුහරය තුළ දිවි ගෙවයි.  කාමාස්වාදයේ ගිජු කම නිසාම ලෝභ, ද්වේශ, මෝහ විෂ බීජ බලවත්වන්ට නොදී යටපත් කරගෙන අලෝභ, අද්වේශ, අමෝහ යන ප්‍රතිශක්තීකරණ නිපදවමින් කල් ගත කරයි.  කොයි මොහොතේ හෝ නිරෝගිත්වයට අහිතකර ලෝභ, ද්වේශ, මෝහ සහගත සිතිවිලි, ක්‍රියා වදන් සහිත අපත්‍ය ආහාරය ලැබුන වහාම එම විෂබීජ බලවත්ව නැගී සිට නැවත අසාධ්‍ය රෝගියෙක් කරයි.  සතර අපා රෝහල් වලට නිසි පරිදි ඇද දමයි.  එබැවින් මේ රෝග සමන තාවකාලික ක්‍රමය තමා ‍නිරෝගී කෙනෙකැයි උදම් වීමට හේතු නොවන බව සැලකිය යුතුයි. 
මෙහිදී ආදීනව දකින තව උගත් පිරිසක් මීට වැඩි ප්‍රතිකර්ම ක්‍රමයක් සොයාගෙන එය අනුගමනය කරති.

කාමරාග නම් ආහාරය ලෝභ, ද්වේශ, මෝහ විෂබීජ බලවත් වන්ට තරම් ශක්තිමත් නොවූවත් යටපත්ව නොමැරී සිටින්නට ආහාරයකියි දැන එයද පරිභෝග නොකර දිවි‍ ගෙවයි.  පංච කාම ආහාර නොගෙන ඉතිරි ලෝක ආහාර කොටසක් වන රූපී දහම් ආහාර කර ගනිමින් ජීවත් වෙයි.  නිහඩ පරිසරය කදුහෙල්, වනාන්තර, අරණ්‍ය රුක්මුල්, ශුන්‍යාගාර, ගිරි ගුහා සේවනය කරමින් නීරස අලපලා භුක්ති විදිමින් ගැටීමට, වෛරයට හේතුවන කරුණු වලින් ඈත්ව රූපි අරමුණක සිත හසුරුවමින් දමනය කරගත් චරිත ඇතිව සිටින විට එබදු රූපී ආහාර භුක්තියෙන් ආබාධ අඩු ජීවිත පරිහරණයක් ගෙන යයි.



(පිටුව 58)

ස්වභාවධර්මතා නම් පාලක මණ්ඩලය ඔවුනට ගැලපෙන තාවකාලික පරිසරයකට තල්ලු කර දමයි.  යම් කාලයක් ‍නිරෝගී යැයි සිතා සිටියද විටින් විට සුළු මානසික ආබාධ වලින් එහිද පෙළීම ඇත.  සසර රෝගී භාවයෙන් සදහට මිදී නැත.  මේ ස්ථාන වලට කියන්නේ රූපාවචර ලෝක කියායි.  උත්සාහයෙන් වීර්යයෙන් ඉවසීමෙන් කටයුතු කර නිපදවා ගත් ‍අලෝභ, අද්වේශ, අමෝහ ප්‍රතිශක්තිය ටිකෙන් ටික ගෙවී යන්ට වේ.  අප සදහටම නිරෝගී තැනට පැමිණිනුනා යයි මුලා අදහසින් කල්ගෙවන ඒ බ්‍රහ්ම ජාතිකයන්ගේ අභිමානය නිසාම යළි ප්‍රතිශක්තිය නිපදවන්නට ප්‍රමාදව, තිබූ ප්‍රතිශකිත්ය ගෙවී යන විට නැවත රෝග කාරක ලෝභ, ද්වේශ, මෝහ විෂබීජ ක්‍රමයෙන් හිස ඔසවන්ට පටන්ගනී.  චිත්ත අභ්‍යන්ත‍රයෙන් නැගී ප්‍රිය ජනක එහෙත් අපත්‍ය ආහාර ‍ඉල්ලා කරදර කරන්නට පටන් ගනී.  කලකින් නොලැබූ එසේම අපත්‍ය වුවත් ප්‍රිය මධුර ජනක වූ ලෝභ සහගත, ද්වේශ සහගත, මෝහ සහගත සිතුවිලි ක්‍රියා වදන් නම් වූ ආහාරයට ක්‍රමයෙන් සංක්‍රමණය වේ.  අවතීර්ණ වේ.  තිබූ සිහි නුවණ වැසී යයි.  අන්ධයෙකු සේ මෝඩයෙකු සේ නැවත පහත් රෝගී බවට ඇද වැටේ.  භව රෝග ගමන නම් කිසි වෙනසක් වී නොමැත.

මෙබදු රූපාවචර ලෝක නමැති ස්ථාන යහපත් යැයි තීරණය කරන්ට කරුණු නැති බව නුවණින් සිහි කරන විට වැටහෙනු ඇත.  එහිද ආදීනව සිහි කරන භව රෝග කාරක ලෝ කුහරයේ සැරි සරන පිරිසක් මෙසේ සිතයි.  රූපාවචර ලෝකද නිදහස් තැනක්, නිරෝගී යැයි සිටින්නට තැනක් නොවේ.  ඊට හේතුව ඔවුන් යලි රෝගීන් වන්ට හේතු තිබීමයි.  අපි ඒ රූපාවචර ආහාරයද දුරු කරමුයි රූප සම්බන්ධ ආහාරයද අතහැර හිතට දැනෙන දැනීම ආහාර කරගනිමුයි හිකමීම ඇරඹීය.  මෙයින්ද සිදුවූයේ ලෝභ, ද්වේශ, මෝහ යන විෂබීජ බලවත් කරන ආහාර දීමෙන් බොහෝ දුරට ඈත්වීම පමණකි.  කෙනෙක් ඈත් වුවත් අනන්ත සසරේ පටන් ගෙන ආ මතකයෙන් ඈත්විය නොහැකිය.  උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගාගත් බලවත් අලෝභ, අද‍්වේශ, ‍අමෝහ ප්‍රතිශක්තීන්ගේ බලට යම්තාක් පවතීද ඒ තාක් කල් භව රෝග කාරකයන‍්ගෙන් ඈත්ව සිටිය හැකිය.  ස්වභාව ධර්මතා නම් ලෝක පාලක බලය මේ පිරිස අන් පිරිසට නොපෙනෙන ඒක්තරා ලෝක තලයකට ඇද දමයි.  භව රෝගයෙන් නිදහස් වූනා යැයි සිතුවත් හතුරා තවම තමා ලගය.  අතීත  මතක අරමුණු වල, වර්ථමාන ලෙස සිතමින් සිටින අරමුණු වල, එල්බෙන, බැදෙන අරූප තණ්හා තවම නැගී එනු ඇත. 

0 comments: