මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 16, 2010

පිටුව 59 සහ 60

(පිටුව 59)
මුලා උද්දාමයෙන් මම නිදහස් වුනා යන හැගුමෙන් උදම් වෙමින් සිටී. ඇත්ත වසන් කර මම යන්නෙහි ආස්වාද භුක්තිය විදවන අවිද්‍යා සතුරා දැක නැත. නිර්මාණය කර ගත් ගොඩනගා‍ ගත් අලෝභ, අදෝෂ, අමෝහ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් ගෙවෙන්නට වී ඇත. කවදා හෝ ගෙවී අවසන් වනු ඇත. එසේ වන්නේ එය සත්‍යයක්, අසංකතයක් හෙවත් විපරිණාමයට, වැනසීමට පත් නොවන්නක් නොවන බැවිනි. කාලය කල්ප ගණනින් ගෙවී ගොස් ඒ ප්රතතිශක්තිය ආහාරය කෙළවර වේ. හේතුවේ ඵලය ලෙස ඒ අරූප භවයේ තව දුරටත් වසන්ට හේතු නැතිවේ. අනාදිමත් අතීතයේ ‍ලෝභ, ද්වේශ, මෝහ විෂ බීජ වලට ප්‍රියමනාප වූ එහෙත් ‍රෝග කාරක වූ සිතිවිලි, ක්රි යා, වදන් සිදුකල මතක සටහන් නැවත ඇතී එන්ට වේ. ඒ මනෝ සංචේතනා ආහාරයෙන් ලෝභ, ද්වේශ, මෝහ විෂබීජ වලට පන ගැන්වෙන විටම ඒ අරූප භවයෙන් ගිලිහෙයි. රූපී හෝ කාම සුගති භවයකට උපතවෙයි. රෝග කාරක සසර ගමන එසේමය. භව රෝග ගමනින් නිදහස් වී නැති බව පෙනේ. අනන්ත සසරේ පටන් මේ තුන් භවයෙන් පිට සැරි සරන්ට ලෝක යයි තව කිසිත් නැත. ගමන මේ තුලමය. රෝගයෙන් සදහට මිදිය නොහැකි මේ තුන් භව ගමනම අනාථය.
ලොව කෙතෙක් දැනුවත් වුවත්, උගතෙක් වුවත්, කෙබදු ලෞකික දාර්ශනිකයෙකු වුවත් දිවැස් ලැබූවත්, දිවකන් ලැබුවත්, පරසිත් දකින නුවණ ඇත්තෙක් වුවත්, කෙබදු සෘද්ධි බල ඇතිව සිටියත්, මහා බ්‍රහ්ම වුවත්, සක්විති රජ වුවත්, සක්‍ර දේවෙන්ද්‍රට වූවත්, මාර දිව්‍ය පුත්‍රයෙක් වුවත්, කෙබදු ගරු, නම්බු, කීර්ති, ප්‍රශංසා ලබන්නෙක් වුවත් භව රෝගියෙක්මය. තාවකාලික අල්පාබාධ ඇත්තෙක්මය. රෝග කාරක භව ගමන තුල සැම තැනම රජ කරන්නේ මේ අනාථ බවමය.
කිසිම පිළිසරණ මගක් නොදකින සැනසුම යැයි, නිවීම යැයි මුලා අදහසක්ම දරා අනාථයටම ඇද හැලෙන අසරණ ලෝක සත්වයාට මිදෙන්නට, නිවෙන්නට, සැනසෙන්නට සත්වයා මග සොයා දේශනා කරන්නටයි, පනවන්නටයි, පිහටුවන්ටයි, තථාගත වූ බුදු පියාණන්වහන්සේ ලොව පහල වූයේ. උන්වහන්සේ ස්වයංභූ ඤාණයට ලොව සියලු සැගවුනු රහස් හෙලි දරව් කරගෙන මේ භව රෝගය තත්වාකාරයෙන් දුටු සේක. මේ භව රෝගයට හේතු තත්වාකාරයෙන් දුටු සේක. මේ භව රෝග නිරෝධයයි තත්වාකාරයෙන් දුටු සේක. මේ භව රෝග නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයි තත්වාකාරයෙන් දුටු සේක. මෙසේ දැන, මෙසේ දැක භව රෝගය පිරිසිද දැන, ‍භව රෝගයට හේතුව ක්ෂය කොට, භ‍ව නිරෝධ ප්‍රත්‍යක්ෂ කොට, භවරෝග නිරෝධ ගාමීණී ප්‍රතිපදා මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ කොට සියලු භව බැමි පුපුරවා හැර අවිද්‍යා , තෘෂ්ණා සහමුලින් උපුටා දමා නිදහස්ව, ලොවට ඒ චතුරාර්ය සත්‍යයයි අමා දහම් දේශනාව දෙසා වදාල සේක.

(පිටුව 60)
අප්රපමාණ ලෝ සතුන් භව රෝගයෙන් සදහටම මිදී සැනසීම ලැබීය. මේ අමා දහම් කද ඇසීමෙන්, දැරීමෙන් අනුගමනයෙන් සත්‍යය ප්‍රත්‍යක්ෂ කර ලොව නැණවතුන් සසර ගමනින් මිදෙති. භව රෝගයෙන් මිදෙති. මෙවන් උතුම් බුදු මගක් කෙසේ නම් අවබෝධ කරගන්ටද? ප්‍රත්‍යක්ෂ කර ගන්ටද? අනන්ත සසරේ පටන් විමුක්තියට මාර්ගයයි මුලා මග ඇදී ගිය ලෝ සතුන්ට‍ මේ උතුම් ආර්ය මාර්ගය ආගන්තුකය. ලෝකයේ මෙතෙක් ප්රියය මනාප ලෙස ඩැහැ ගන්ට දැගලූ සියලු ආශ්වාද කනපිට ‍ගසා මෙතෙක් නොලද අත් හැරීමේ, මිදීමේ, නොඇල්මේ ශාන්තියක් කෙසේ නම් ලෙහෙසියෙන් අත් දකින්නට? ඒ උතුම් සංසිදීමට නොපත්ව කෙසේ නම් මේ අනාථයෙන් මිදෙන්ටද?
ක්රෙමයෙන් මේ ශාසන මාර්ගයට අවතීර්ණ නොවූවෙකුට මේ ශාන්තිය දැනෙන්නේ මහා පාළුවක්, අන්ධකාරයක්, අනාථ වීමක් ලෙසිනි. නිසි තැන, නිසි ලෙස නුවණ හසුරුවා අනුපූර්ව මාර්ග අනුගමනයෙන් යන විට සියලු මුලා ස්වභාව දුරු වෙමින් ශාන්තියේ සිත පිහිටමින් පූර්ණ භාවයට පත්වන මොහොත වන විට ලොව සියලු සිතුවිලි, සියලු ක්‍රියා, සියලු කථා ඇතුළු ලොවම හේතු ධර්ම රටාවන්ගේ ඵල ධර්ම රටා මිස ඒවායේ අල්ලන්ට හරයක් නැති බවත් ඒ කිසිවක් අල්ලන්නට, පවත්වන්ට යත්න දැරීම වැඩකට නැති, නිස්සාර වූ උත්සාහයක්, වීර්යයක්, හිස්වූ දුක් කදක පැවැත්මක් බවත් මනා ප්ර්ඥාවට වැටහී සියලු තැන, සියලු බලාපොරොත්තු කෙළවර වේ. ඒ බලාපොරොත්තු හා බැදී නැගුන අවිද්යා, තෘෂ්ණා ක්ෂය වේ. විපාක ස්කන්ධ ලෙස පහල වන මතු පංචස්කන්ධ සංඛ්‍යාත ජාති උපදවන සියලු භව ලකුණු කෙලවර බව දැනගනී. උපත ලබා සිටින භවය කෙළවර වේ. ඒ අරිහතුන් වහන්සේගේ අන්තිම දේහයයි. මතු භව පැවැත්මෙන් කොතනක වත් හට නොගනී. එයයි නිවනේ පූර්ණ සැනසුම.
මේ පෙන්වා ඇත්තේ අපත්යැ වූ එහෙත් භව රෝග කාරක සත්වයා ප්‍රිය කරන ලෝභ කාරක, ද්වේෂ කාරක, මෝහ කාරක සියලු සිතුවිලි, ක්‍රියා වදන් මතු නූපදින සේ අත්හැරී, මිදී, නොඇලී නිදහස් වන ආර්ය ගුණ මගයි. ලෝකයේ ගුණය යනු පැවැත්මකි. ආර්ය ගුණයේ වැඩීම නම් ලෝභ, ද්වේෂ, මෝහ සහගත සියලු සිතිවිලි, ක්රිණයා වදන් වල නූපදින සේ ක්‍රමයෙන් ගෙවී යාමකි.

0 comments: