(පිටුව 89)
8) කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්.
9) මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්.
10) උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.
11) ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් දේශනාවක් වේද යම් අනුශාසනාවක් වේද මෙහි කවර වෙනසක් වේද? කවර වෙනස් අදහසක් වේද? කවර නානාත්වයක් වේද?
12) ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචන පිළිගත්තාහුද නොවූහ. ප්‍රතික්ෂේප කළාහුද නොවූහ. සතුටුද නොවී, ප්‍රතික්ෂේප නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ අර්ථයද දැන ගන්නෙමුයි අස්සෙන් නැගිට ගියාහුය.
13) ඉක්බිති ඒ භික්ෂූහු හලිද්ද වසනයෙහි පිඩු පිණිස හැසිර සවස් කාලයේ පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැද එක් පසක හුන්හ. එක් පසෙක හුන්නාහු ඒ භික්ෂූණ් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ස්වාමීනි, අපි මෙහි පෙරවරු කාලයෙහි හැද පෙරවා පා සිවුරු ගෙන හලිද්ද වසනයට පිඩු පිණිස ගියෙමු. ස්වාමීනි අපට මෙබදු සිතක් විය. හලිද්ද වසනයෙහි පිඩු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය. අපි අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්ට යන්නෙමු නම් හොදය කියාය. ස්වාමීනී, එකල්හි වනාහි අපි අන්‍ය තීර්ථකයෙන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියෙමු.
(පිටුව 90)
ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුයෙමු. සතුටු විය යුතු වූ, සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නෙමු. ස්වාමීනි එක් පසෙක හුන් කල්හි අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයෝ අපට මෙය කීහ. අවැත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි තෙපි එව්.
14) සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්.
15) කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්.
16) මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්.
17) උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.
“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයාණන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු. ඇවැත්නි, තෙපි එව්”
0 comments:
Post a Comment