(පිටුව 103)
මරණානුස්සතිය
කොටස් වෙන් කර බලන උපමාවට ගෙන තිබෙන්නේ ප්‍රිය අප්‍රිය දෙකටම මධ්‍යස්ථ දේ බව හොදට පෙනේ. මේ කුණු මස්, මේ කුණු මාලු වැනි උපමා දුන්නා නම් කැත, හිරිකිත ලෙස බලන්ට දුන් බවක් සිතන්ටද ඉඩ ඇත. එබැවින් එකාකාරව පෙනෙන මායා රූපස්කන්ධයේ මුලා දර්ශනය වටහා ගෙන උපේක්ෂා සිතින් සුබ දෙයක් නැති බව සලකා මායා රුවට රැවටීමෙන් මිදෙන්ට මේ භාවනාව දී ඇති බව වටහා ගත යුතුය. ඇලෙන, ගැටෙන සිතට දහම් අරුත කිදා නොබසින බැවින් උපේක්ෂාවෙන් බලා ඒ අරුත වටහා ගත යුතු බවම තේරුම් ගත යුතුයි. තමා ඉදිරියේ යමක් මත මේ කයේ කොටසින් කොටස ගෙන මනෝමය වශයෙන් බහා තබා ඒ කොටස් අත හැරුණු විට ශරීරයේ හැටිත් කොටස් තුළ ශරීරය යැයි රුවක් නැති හැටිත් විදසුන් නුවණින් බලන්ටයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි පැටලුම් සහගතව තිබූ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුබානුස්සතිය යන භාවනා තුනක් විස්තර කලෙමු.
මෙබදුම තවත් වැදගත් භාවනාවකි මරණානුස්සතිය.
“ජීවිතං අනියතං - මරණං නියතං” ජීවිතය අනිතයතයි - මරණය නියතයි. මේ දැනට අප භාවිත කරන මරණ සතියකි. “මහා සම්පත්ති සම්පත්තා - යථා සත්තා මථා ඉධ” මේ ආදී ගාථා පෙළක්ද මේ සදහා ගොතා ඇත. මේ සියලු වාක්‍ය මෑතදී භාවිතයට ගත් බව පෙනේ. මැරෙන බව සිහි කිරීමෙන් එහාට තවත් අදහසක් මේවායේ නැත. පෙළ දහම් පොත් වලින් නියම මරණ සතියට නිදසුනක් ඇත. ඒවා විමර්ශනය කර බැලිය යුතුයි. එක් අවස්ථාවක බුදු පියාණන්වහන්සේ භික්ෂූණ් වහන්සේලාගෙන් මෙහි මරණ සතිය වඩන පිරිස ඇත්දැයි ඇසූ සේක. එක භික්ෂුවක් මෙසේ පැවසීය.
(පිටුව 104)
භික්ෂුව : ස්වාමීණී, මම වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක මාසයක් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. මාසයක් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණෙනි, තවත් අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.

භික්ෂුව : ස්වාමීණී, එක අඩ මසක් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. අඩ මසක් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණෙනි, තවත් මරණ සතිය වඩන අය ඇත්ද?

භික්ෂුව : ස්වාමීණී, එක සතියක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. සතියක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.

භික්ෂුව : ස්වාමීණී, එක දවසක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. දවසක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.

0 comments:
Post a Comment