(පිටුව 105)
බුදු පියාණන්වහන්සේ : මහණෙනි, තවත් අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක අඩ දිනක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. අඩ දිනක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණෙනි, තවත් මරණ සතිය වඩන අය ඇත්ද?

භික්ෂුව : ස්වාමීණී, එක බත් පතක් වළදා අවසන් වනතුරු මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. එතෙක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.

භික්ෂුව : ස්වාමීණී, හුස්මක් ගෙන අරින තරම් වේලාවක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. එතෙක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණෙනි, මේ සැවොම මරණ සතිය වඩන බව පිළිගනිමි. මේ අතර බත්පිඩක් අනා ගිලින තුරු ජීවිතය පවතීදැයි කිව නොහැකි සේ සලකා මරණ සතිය වඩන භික්ෂුවත්, හුස්මක් ගෙන හරින තරම් වේලාවක් ජීවිතය විශ්වාසය නොසලකා අප්‍රමාදව මරණ සතිය වඩන භික්ෂුවත් මේ අතර ශ්‍රේෂ්ඨ බව කියමි.
(පිටුව 106)
මේ උතුම් දේශනාවෙන් වටිනා දෙයක් හෙළිවේ. මැරෙන්නට හැකි නිසා ඊට පෙර ශාසන මග වැඩිය යුතු බව සිහි කිරීමයි මරණ සතිය, මැරෙනවා කිය කියා ඉදීම මරණ සතියද? අප විසින් වටහා ගත යුත්තේ මරණය කොයි මොහොතේ හෝ පැමිණිය හැකි බැවින් අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණය කර ගත යුතුයි යන අදහස නිතර සිහි කිරීමයි. මේ අනුව චතුරාරක්ෂාව කියන බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන මේ හතර අර්ථ වැහුනොත් මාර පරාජය කර ශාසන ජයග්‍රහණය කරන චතුරංගනී සේනාව ඉතා දුර්වල වෙනවා නොවේද? තනිව යුද්ධ කර මාර පරාජය විහිළුවකි. මේ චතුරක්ෂා භාවනා පිළිබදව මෙකල ඇත්තේද අල්ප වූ භාවිතයයි. සෑම භාවනා මධ්‍යස්ථානයකම පාහේ දක්නට ලැබෙන්නේද, භාවනා අනුශාසක වරුන් වැඩිපුර විස්තර කරන්නේද අනාපාන සති භාවනාවයි. බුදු පියාණන්වහන්සේ වැඩ සිටි කාලයේ මෙන්ම ඉන්පසු වර්ෂ දහසක් පමණ යන තුරුද මේ භාවනා මගින් ප්‍රතිඵල ලැබූ ධ්‍යාන ලාභී, ත්‍රිවිද්‍යා ලාභී අභිඥා ලාභී සිව් පිළිසිඹියා පත් අනාගාමී සහ අරිහතුන් වහන්සේලා ගැන නොයෙක් කථා ප්‍රවෘත්ති ත්‍රිපිඨකයේ මෙන්ම වංශ කථා, බෞද්ධ සාහිත්‍ය ආදියේ නොයෙක් කථා ප්‍රවෘත්ති නොයෙක් තැන්හි පෙනෙන්නට ඇත. අවුරුදු දහසකට මෙහා කාලයේ එබදු උතුමන් ගැන අසන්නටද නැත. උත්තරීතර මනුස්ස ධර්ම පෙන්වීම නුසුදුසු බව මෙකලට වඩා දැන විශ්වාස කළේ ධ්‍යාන ගැන මගඵල ගැන නොකිව්වත් උන්වහන්සේලාගේ චර්යා වලදී ඒවා කිසිවෙකුට නොපෙනෙන සේම සිටිය යුතු යැයි දේශනාවක් බුදු දහමේ නැත. ආමිස ලාභයට ප්‍රාතිහාර්ය පෙන්වීම නොගැලපෙන බව නම් දේශනා කර ඇත. බුදු පියාණන්වහන්සේ පිරිනිවන් පාන කාලය වනතුරුත් භික්ෂුන් වහන්සේලා තුලින් අභිඥා බල ක්‍රියාත්මක වූ තැන් කොතෙකුත් අසන්නට ඇත. මේ කරුණු නොපෙන්විය යුතුයි කී නිසාම නොහගවනවා නම් නොකළ යුතු ලෙස දෙසූ ආපත්ති තව කොතෙක් ඇද්ද? ඒවා ගිලිහී නොයෙකුත් අඩුපාඩු කෙරෙන්ටත් එපා කී නිසා යැයි උතුම් මිනිස් දම් අංශු මාත්‍රයක් වත් දැනෙන්නට නොනිසි යැයි කීම කෙතෙක් දුරට සාර්ථකදැයි කල්පනා කර බැලිය යුතුය.

0 comments:
Post a Comment