(පිටුව 135)
ස්කන්ධ - කු - මාර හෙවත් ස්කන්ධ කුමාර දෙවි කෙනෙක් වෙන්ට කැතමිය. ඝනයක් හෙවත් සමූහයක් සමගියෙන් එක් කර තබන ක්‍රියා පිළිවෙතට අකමැතිය. ඝන දේව වෙන්ට කැමතිය. යස ඉසුරු මහත්වයට හේතු වන සත් ගුණ මාර්ගයට අකමැතිය. ඊස්වර දෙවි කෙනෙක් වෙන්ට කැමතිය. පති වෘතාව රකිමින් සමාජ පෝෂණයට හේතු වන කිරි උපමා කළ සාර ධර්මවල පිහිටන්නට කියා දෙන්ට අකමැතිය. පත්තිනි දේවියක් වෙන්ට කැමතිය. ගුණ ධර්ම වලින් ප්‍රජාව පාලනය කෙරෙන දරු පරපුරක් බිහි කරන්නට අකමැතිය. ප්‍රජාපති දෙවඟනක් වෙන්ට කැමතිය. ශ්‍රියාව පහළ වන සුචරිත කුල කාන්තාවක් වෙන්ට අකමැතිය. ශ්‍රියා කාන්තා දෙවඟනක් වෙන්ට කැමතිය. සාර ධර්ම කූ කරන හෙවත් පහත් කොට සලකා ක්‍රියා කරන කුමාර කටයුතු වලට අකමැතිය. කුමාරයෙක් ලෙස පැසසුම් බලන්ට කැමතිය. උසස් ගුණ ධර්ම මැන උස්සා ගන්න අකමැතිය. මනුස්ස වෙන්ට කැමතිය. මෙසේ ලොව යහපත් යැයි සම්මත දේට, ඒවා ලබන හේතුවට අකමැතිව කෙනෙක් පැතුවත් යාච්ඡා කළත් යහපත් ලෞකික සම්පත් ලබන්ට නියම මගක් නැත. යමෙක් මේ ලොව පැවැත්ම තුල ඉහත කී යහපත් හෝ අයහපත් දේට නැමී කරන ක්‍රියා, කියන කථා, සිතන සිතිවිලි ඇසුරු කරන, භාවිතා කරන, බොහේ කොට ඇසුරු කරන විට ඊට අනුකූල සිත් පහළ වීම ධර්මතාවයකි. හොඳට නරකට යන දෙකටම එසේය. උපතේදී බොහෝ විට ළදරුවෙකුට තිබෙන්නේ දැනෙන බව සහ ඒවාට ප්‍රතිචාර දක්වන්ට පහළ වන සිත් පෙලකි. බොරුවට, වංචාරවට, කපටිකමට, අසත්පුරුෂ කමට හෝ ගුණයට, සත්පුරුෂ බවට, යහපතටහෝ නැමුන සිත් පහළ වන්නේ උපතින් පසු කියන, කරන, සිතන, ආකාරය අනුව පහළ වූ සිත් පෙලවල් වලිනි. යම් යම් පහත් හෝ උසස් ගති ලක්ෂණ ඇති චිත්ත ස්වභාව පහළ වන්නේ හිතන, කියන, කරන දේට අනුවයි. ඤාණ යනු න්‍යාය ධර්ම පිළිබඳ දැනීමයි. අවිද්‍යාවෙන් මුලා වී ආශාවන්ට වහල් වී කටයුතු කරන විට න්‍යාය ධර්ම පිළිබඳ දැනීම වෙනුවට විකෘති දැනීමක් හටගනී. ඒවාටය විඤ්ඤාණ කියන්නේ. අප දුක, මුලාව ඇදගෙන යන්නේ, මතු මතු භව වලට ඇද දමන්නේ අවිද්‍යාවෙන්, මුලාවෙන් ඒ ඒ න්‍යාය ධර්ම නොවැටහෙන ලෙස සිතිවිලි, ක්‍රියා, වදන් තුළින් නැගුන විඤ්ඤාණ වලිනි. ලෝකයට ඇලුම් කරමින් පහළ වන කෙබඳු ගතියක් නමුත් මේ විඤ්ඤාණ සමග යෙදේ.

(පිටුව 136)
අප භයානක ලෙස, මුලාවක් ලෙස, දුකට හේතු කාරකයක් ලෙස දැන අත් හල යුත්තේ අවිද්‍යා ප්‍රත්‍ය වූ සංඛාර නිසා හටගන්නා විඤ්ඤාණයන්ය. විඤ්ඤාණ ගැන සඳහන් කරන අටුවා වල පටිච්ච සමුප්පාද ධර්මයේ විඤ්ඤාණං යනු පටිසන්ධි විඤ්ඤාණය යැයි සඳහන් කර ඇත. මේ බුද්ධ දේශනාවල අර්ථය එසේ දී ඇත්තේ පසුකාලීන ආචාර්යවරුය. එහෙත් විභංග ප්‍රකරණයේ පච්චයාකාර විභංග නම් කොටසේ මෙය තෝරා ඇත්තේ“තත්ථ කථමං විඤ්ඤාණං, චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාන විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං අයං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං” යනුවෙනි. මෙසේ සකස් වන විඤ්ඤාණ ස්කන්ධය හේතු කොට ගෙන පටිසන්ධි අවස්ථාවේදී වඤ්ඤාණයක් පහළ වීම වනු ඇත. එයද විඤ්ඤාණ සහිත ලෝකවල පටිසන්ධියකදීය. විඤ්ඤාණ සහ විඤ්ඤාණ ස්කන්ධ යනු වෙනම තේරුම් ගත යුත්තකි. සූත්‍ර පිටකයේ දේශනාවල විඤ්ඤාණ ස්කන්ධය දේශනා කර තිබෙන්නේ චිත්ත මාත්‍රයක් ලෙස නොවේ. අතීත, අනාගත, වර්තමාන, සියුම්, ඝන, දුර, ළඟ, හීන, ප්‍රනීත විඤ්ඤාණ යැයි මේ සම්පිණ්ඩනයක් වේද එය විඤ්ඤාණ ස්කන්ධයයි යනුවෙනි. යම් සංස්කාරයක් ක්‍රියාත්මක වන මොහොතේම ඊට අදාල විඤ්ඤාණ ක්‍රියාත්මක වේ. සංඛාර පුණ්‍ය වේද විඤ්ඤාණ පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඤ්ඤාණ අපුණ්‍ය වේ. සංඛාර ආනෙන්ජාභි වේද විඤ්ඤාණ ආනෙන්ජාභි වේ. ආදී ලෙස සූත්‍ර පිඨකයේ සූත්‍රවල දේශනා කර ඇත. මෙහිදීද දේශනා කර ඇත්තේ, අතර නොකැඩී පුණ්‍ය සංඛාර වැලක් ක්‍රියාත්මක වේ නම් පුණ්‍ය විඤ්ඤාණ වැලකි එවිට ක්‍රියාත්මක වන්නේ. පාප සංඛාර වැලක් එක දිගටම නොකැඩී වේ නම් විඤ්ඤාණ වැලම පාප විඤ්ඤාණ වේ. සංඛාර ඒකකයක් හෙවත් එක චිත්තක්ෂණයක සමග ක්‍රියාකර ඒ විඤ්ඤාණක්ෂණය භංග වන විටම භංග වේ. මෙයයි චිත්ත නියමය. මේ භංග වීම කියන්නේ සදහටම අතුරුදහන් වීමක් නොවේ. මෙය ක්‍රියාත්මක අවස්ථා භංග වීමකි.

0 comments:
Post a Comment