(පිටුව 137)
එසේ නොවුනහොත් අතීත, අනාගත, වර්තමාන, සම්බන්ධ කර විඤ්ඤාණ ස්කන්ධයක් දේශනා කරන්ට හේතුවක් නැත. භංග වන විඤ්ඤාණ අයිති වන්නේ නාම ගෝත්‍රයන්ටය. මතු හට ගන්ට හේතු කාරක ඇති තවම ක්‍රියාකාරීත්වයට නොපැමිණි එහෙත් මතු ටහ ගන්ට කර්ම ශක්තියේ හේතු ශක්තිය පවතින ඒවාද විඤ්ඤාණ ස්කන්ධයට අයිතිය. එබැවිනි විවරණ ලබන මහ බෝසතාණන් වහන්සේලා ඇරබ මතු මෙබදු කල්පයක, බෙමදු නමින්, මෙබදු ගොත්‍රයක මෙසේ ඉපිද බුදු වෙනවා යැයි දේශනා කල හැකි වන්නේ, පාරමිතා ශක්තියේ අනාගත අඩිතාලම කල්ප ගණනකට පෙර සිටම සකස් වී ඇති බැවින් එය විඤ්ඤාණ ස්කන්ධයට ඇඳී ඇති බැවිනි. බොරු නොවන බුද්ධ භාෂිතයකින් එසේ පවසන්නේ. චිත්තක්ෂණයක් විග්‍රහයට ගත් විස්තර වලින් ස්කන්ධයක් මනිනට යාම නිසා මෙකල නොයෙක් මතභේද පවතින බව පෙනේ. අතීත, අනාගත, වර්තාමන සත්ව පැවැත්ම මෙසේ සම්බන්ධ වන්නේ කර්ම ශක්තියේ සහ නාම ගෝත්‍රවල සම්බන්ධතාවයෙනි. සත්වයා යනු ක්ෂණයකට සීමා කළ හැක්කේ නොවේ. සත්වයා පෙන්වන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය යනුවෙනි. ස්කන්ධ පහම අතීත, අනාගත, වර්තමාන වශයෙන් තුන් කාලය හා සම්බන්ධය. එබැවිනි සත්වයා අතීතය සිහිකරන්නේ, වර්තමානයක් ලෙස පනවා ගන්නේ, අනාගත බලාපොරොත්තු සහිත වන්නේ. අභිධර්ම කරුණු වලට වැරදි ලෙස අර්ථ කථන දුන්විට ගෙවී ගිය අතීතය අතහැර, නොපැමිණ වර්ථමානය මෙනෙහි කරන්නට ක්‍රමයක් නැතිවීමෙන් සිතිවිල්ලක් තේරුම් ගත හැකි කිසිවෙක් ලොව විද්‍යාමාන නොවෙනු ඇති. ත්‍රිපිටක ධර්ම රත්නය නොවෙයි පැටලිලි සහිත වන්නේ. ඒවාට පසුව දුන් අර්ථ කථනයි. චිත්තක්ෂණය නම් ඒකකයක් පමණක් ඇසුරු කර කිසිම දැනීමක්, හැඟීමක්, ආස්වාදයක් මේ මේ යැයි නිගමනය කළ නොහැක. ලෝ සතුන් ආශාව, තණ්හාව ඇති කර ගන්නේ චිත්තක්ෂණය පොදි වලිනි. දැනීම්, හැඳිනීම්, ප්‍රියමනාප, අප්‍රිය, අමනාප, තණ්හා ආදී සියල්ල පහළ වන්නේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කල්හි අරමුණු කරන චිත්තක්ෂණ පොදි වලිනි. මිහිරි සංගීතයක්, ප්‍රියමනාප රූප ශෝභාවක්, මනාප රසයක් ඇසුරු සැනක් කෝටි ලක්ෂයකට බෙදා පංගුවක කාලයකදී ලබන්නේ කවුද? මේ ආස්වාදජනක හැඟීමක් පහළව හිත ඇලී යන්නේ අඩු තරමින් තත්පර තිහකවත් කාල ප්‍රදේශයක සිදුවන චිත්ත පරම්පරාවක් සම්පිණ්ඩනය කර ආශාවෙන් බැඳීමෙනි. මොහොතක් පාසා ක්‍රියාකාරීව ගෙවී යන ක්ෂණික අතීතයක හැඟීම් රටා පිළිබඳ මතකයන් මනිසන් ගොනු කර ඒවා ඒකක වශයෙන් ආත්මීය හැඟීමෙන් බදාගෙනයි හැඟීම්වලට හිත පිහිටුවා ගන්නේ.
(පිටුව 138)
අප්‍රමාණ චිත්තක්ෂණ පොදිවල ක්ෂණික අතීත මතකයන් පොදියක් එකක් ලෙස ගන්න බැවින් මෙබඳු දැනීමක්, මෙබඳු හැඟීමක්, මෙබඳු රසයක් අත් දැක්කායි සිතින් සකස් කර ගත් මුලාවකටයි ලෝ සතුන් ආශා බැඳගන්නේ. කාලය සමග නිරන්තරයෙන් මේ ක්ෂණික මතක පොදි අතීතයට යයි. ක්ෂණික අතීත මතක පොදි කියන්නේ ක්‍රියාත්මක මාත්‍රයක් පාසාම කාලය සමග අතීතයට යන ඉතාම ලඟ කාලපරිච්ඡේදයක සටහන් පොදි වලටයි. ඒ ක්ෂණික අතීත මතක පොදිවල යළි යළි අරමුණු කළ හැකි ප්‍රබලතාවය නිසා ප්‍රිය, මධුර, අප්‍රිය, අමධුර, ස්වභාව තදින් අරමුණු වෙනවා. එවිටයි ප්‍රියයි, මධුරයි කියලා එහි ඇලෙන්නේ. නැත්නම් අප්‍රියයි, අමධුරයි කියලා එහි ගැටෙන්නේ. දැන් වැටහෙනවා අතීත මතක සටහන් පොදි කර ඒවා ඒකීය සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙස මනසින් ගොඩ නගා ගත් ස්වභාවයකට ලෝකය කියන බව. මේ තමයි සත්වයාය කියන ආත්ම දෘෂ්ටියෙන් ගොඩ නැගුනු ලෝකය. ඇසින් බලා ඇස කරා එන අප්‍රමාණ දැනීම් ඒකකවල ක්ෂණික අතීත මතක සටහන් පොදිවලට අපිම නම් ගොත් සටහන් කරගෙන, මෙබඳු රූප මම දකිනවා කියා දෘෂ්ටි ගනියි. කනින් අසා අප්‍රමාණ ශබ්ද මාත්‍රවල ක්ෂණික අතීත මතක සටහන් සම්පිණ්ඩනයන්ට මෙබඳු ගන්ධයන් යැයි ආත්ම දෘෂ්ටියෙන් ගන්ධ රූප ගොඩ නගා ගනියි. නාසයෙන් ආඝ්‍රාණය කරන ගන්ධ පිළිබඳවූ ක්ෂණික අතීත දැනීම් ඒකක පොදි එකක්, එකක් ලෙස නිගමනය කර මෙබඳු මෙබඳු ගන්ධයන් යැයි ආත්ම දෘෂ්ඨියෙන් ගන්ධ රූප ගොඩ නගා ගනියි. දිවට දැනෙන රස මාත්‍ර ඒකක අප්‍රමාණයක ක්ෂණික අතීත දැනීම් ඒකක පොදි එකක්, එකක් ලෙස නිගමනය කර මෙබඳු මෙබඳු රස වර්ග කියා ආත්ම ලෝකයක් ගොඩ නගා ගනියි. කයට දැනෙන ස්පර්ශ මාත්‍ර කෝටි ගණන්වල ක්ෂණික අතීත දැනීම් ඒකක පොදි එකක්, එකක් ලෙස ආත්ම දෘෂ්ටියෙන් නිගමනය කර මෙබඳු ස්පර්ශයැයි නම් තබා ගෙන ස්පර්ශ ආත්ම ලෝකයක් ගොඩනගා ගනී. මෙසේ ගොඩනගාගත් ආත්ම ලෝකයට තබාගත් නම් ගොත් මනසින් දරාගෙන ආත්මීය මනෝ ලෝකයක් ගොඩනගා ගනියි.

0 comments:
Post a Comment