(පිටුව 141)
දැන් මෙම විඤ්ඤාණයේ පෙරට වඩා අමුතු දුෂ්චරිත දේවල් බැස ගනී. එනම් මත් පැන් හල් නිතර මතක් වේ. මත් බීම වර්ග මතකයට ඇතුළුව පානය කරපන් යැයි අසහනයක් ඇති කරයි. එබඳු මිතරන් නිතර සිහියට නැගේ. ආශ්‍රය කරපන් යන අදහස සිත තුළ නැගෙන්ට වේ. කාමුක අපචාර සිතට බැස ගෙන නිතර අවශ්‍යතාවය මතකයට නංවයි. නොලැබුනොත් අසහනකාරීත්වයක්ද ඇති කරයි. ඒ ඒ රූප සම්පිණ්ඩනයන්ගේ ප්‍රඥප්ති මතකටය ගලා එයි. දුටු විට නිරායාසයෙන් හිතට කාවදී. මේ දුසිරිත් රූප සම්පිණඩනයන්ට තබා ගත් නම් වලින් ඒවා හිතට බැසගෙන ඇත. මේ රූප සම්පිණ්ඩන හිතෙන් ගොඩ නගා ගත් ආකාරයෝය. ඒවාට තබා ගත් නම් තුළින් ඒ ඒ ආකාර හඳුනා ගනී. මෙබඳු විඤ්ඤාණයක් පහළ කර නොගත්තා නම් ළමා කල ලෙසම පාප මිත්‍ර සේවනය නැතිව මේ වන තුරු සිටියා නම් ඉහත කී දුසිරිත් නාම රූප බැස ගැනීමක් නොවේ. දුසිරිත් විඤ්ඤාණ නිකම් පහළ වූවාද නොවේ. සිතින්, ක්‍රියාවෙන්, වචනයෙන් හෙවත් ආශා කරන සංඛාර ක්‍රමයෙන් ඇසුර නිසාම පහළ වූ විඤ්ඤාණ වලටයි ඉහත කී නාම රූප බැස ගන්නේ. මේ ප්‍රවෘත්ති කාල වශයෙන් විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්න සිදුවූ ආකාරයයි. ඒ ඒ දුසිරිත් භාණ්ඩ වල ආකාරය රූපාකාර ලෙස බසී. හිතේ බැස ගත් රූපාකාරයෝ සතර මහා භූත ද්‍රව්‍ය වස්තු නොවේ. ඒවා පිළිබඳ මනසින් ගත් ආකාර රූපයි. ඒවාට තැබූ නම් ඒවාට තබා ගත් නාම හිතින්ම පනවා ගත් ඒවාය. එනම් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ තුළින් ජනිත කරගත් ඒවාය. මෙසේද විඤ්ඤාණයේ බැසගන්නා නාම රූප සකස් වේ. තවත් ක්‍රමයකට විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්න සිද්ධ වේ. “විඤ්ඤාණයක් මව්කුසින් ඉවත් වේද ගැබ තුල නාම රූපයේ වැඩීම වේ. එම විඤ්ඤාණය මව් කුසින් ඉවත් වේද ගැබ තුල නාම රූපයේ වැඩීම නොවේ.” මේ තවත් බුද්ධ දේශනාවකි. මව් කන බොන ආහාර විද්‍යාමාන වන්නේ ආහාර රූප ලෙසිනි. මව් කුස තුළ දරුවාගේ නිර්මාණය මව් විසින් කරන්නක්ද නොවේ. විඤ්ඤාණයක් තනිව ගමන් නොකරයි. මෙහි විඤ්ඤාණ කීවේ විඤ්ඤාණස්කන්ධයට අයිති වන ක්‍රියාකාරී විඤ්ඤාණ අවස්ථාවයි. මෙම ක්‍රියාකාරී විඤ්ඤාණ කිසි විටකත් රූපස්කන්ධයෙන්, වේදනා ස්කන්ධයෙන්, සංඥා ස්කන්ධයෙන්, සංඛාර ස්කන්ධයෙන් තොරව ගමනක්, සිටීමක්, වැඩීමක්, චුතියක් නොවන බවද බුද්ධ දේශනාවයි. විඤ්ඤාණයක් මව් කුසට යනවා කීවේ පංචස්නක්ධ ක්‍රියා කාරීත්වයත් සමඟයි. මේ ක්‍රියාකාරීත්වයේ මායා දර්ශනය පෙනෙන්නේ සියුම් ආකාර හෝ සත්වයෙක් යන ලෙසය. උපමාවක් කියනවා නම් පෙරහැරක ගිනි බෝලයක් කරකවමින් ගමන් කරන විට පෙනෙන්නේ ගිනි වළල්ලක් ගමන් කරන ලෙසටය. නමුත් එහි ගමන් කළ ගිනි වළල්ලක් නැත. එය මායාකාරී දර්ශනයක් පමණි.
(පිටුව 142)
සිදු වූයේ ගිනි බෝලය නොනැවතී කරකැවෙමින් ඉදිරියට යාමේ ක්‍රියාවලිය ජනිත වීමයි. පෙනුනේ ගිනි වළල්ලක් යන ලෙසය. විඤ්ඤාණයක් මව් කුසට බසිනවා. ඉක්ම යනවා යන ලෝක සම්මත ක්‍රියාවලිද මෙසේ පරමාර්ථ වශයෙන් දැන ගත යුතුය. මව් කුසට යන මෙම විඤ්ඤාණයද ක්‍රියාකාරී නාම රූප පිණ්ඩයකි. “ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ” උපතට බැස ගන්න මොහොතේ නාම රූපයෝ නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ යනු එහි තේරුමයි. කර්මජ, චිත්තජ, යන දෙයාකාර ශක්තියේ ගති රුවට අනුව හට ගත් රූප එම නම්‍යාතව ගනී. ආකාරය මිනිස් නම් සියුම් රූප කලාප මිනිස් ආකාරයට නම්‍යාතාව ගනී. මව් කුසට ඇදුන ඒ නාම රූපයට අනුකූලව කළල රූපයේ පටන් මවගෙන් ලැබූ ආහාර රූප මිනිස් ආකාර රූපයක් සදමින් ඊට නම්‍යාතාවය ඇති කරයි. මෙහි ඒ නම්‍යාතාවය නාමයි. සතර මහා භූත වල පිහිටි ආකාරය රූපයි. මේ විඤ්ඤාණ පච්චයා නාම රූපං යන තවත් ක්‍රමයකි. විඤ්ඤාණ පුංජයකින් විහිදී ගිය කර්ම හා චිත්ත ශක්තිය විශ්වයට නිදහස්ව බාහිර සතර මහා භූත ඒ ශක්තියේ ආකාර අනුව නම්‍යාතාවයට පිහිටි විට සතර මහා භූත රූප ලෙසත් ඒ නම්‍යාතාවයට නාම ලෙසත් ගෙන බාහිර නාම රූප හදුන්වයි. ලෝභ හිත්, ද්වේෂ හිත් මෝහ හිත්, ශාන්ත හිත් සමාධි හිත් ආදී චිත්ත ස්වභාව ක්‍රියාත්මක වන විට ඊට අනුරූපව සිරුරේ නම්‍යාතාවයක් හට ගනී. මුහුනින් මේ ස්වභාවය වඩාත් පිළිබිඹු වේ. “මොකද ඔබ තරහින් වගේ. අද නම් ඉන්නේ හරි සතුටකින් වගේ. මූණ හරි ශාන්තයි. කරුණාවන්ත මුහුණ“ මේ ආදී ලෙස සමහරු කෙනෙකු දෙස බලා කියන්නේද විඤ්ඤාණ අනුව සිදුවන නාම රූප වල හැඩගැසීමය. විඤ්ඤාණ තුළින් නැගෙන ගුප්ත ශක්තිය විශ්වයේ ක්‍රියා කරන ආකාරය ඒ ඒ තැනට සුදුසු පරිදි සිදුවන විට ඒ ඒ ආකාර නාම රූප විද්‍යාමාන වේ. මේ ලෝකයේ විඤ්ඤාණ හේතුවෙන් නාම රූප බිහි වන ආකාරයයි. ඒ නාම රූප ඇසුරු කරන විට යළි පහළ වන්නේද එබඳු අනුරූප විඤ්ඤාණයි. විඤ්ඤාණ නිසා නාම රූපද නාම රූප නිසා විඤ්ඤාණද අන්‍යෙන්‍ය ලෙස විද්‍යාමාන වන අයුරු මෙසේ දැක්වේ. මේ සියල්ල ලෝක සත්වයෝ ගන්නේ ආත්ම දෘෂ්ටියෙන් බැවින් බොරුවක්ම මුලාවක්ම පහළ කර දුකට බැඳෙයි. විඤ්ඤාණ පච්චයා නාම රූපං යන ක්‍රියාවලිය මෙසේ වේ.

0 comments:
Post a Comment