මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 10, 2011

පිටුව 153 සහ 154

(පිටුව 153)
මෙසේ ඉන්ද්‍රීය 6 ඉහත කී ධර්මතාවයට ආයතන වී ඊටම ආධාර ලබා දෙන විට ඒ ආයතන 6 ප්‍රත්‍ය වීමෙන් හාමත් බලු ධර්මතාවයට වඩ වඩාත් නැමෙමින් එයම රුප්පනය බලවත් කරන්නට පටන් ගනී. සලායතන පච්චයා නාම රූපං යන සිද්ධාන්තය හාමත් බලු ධර්මතාවයට ක්‍රියාත්මක වූ ආකාරයයි. ඒ, මෙසේ හාමත් බලු ධර්මතාවයට නැමී එයම රුප්පනය වන විට ඉන්ද්‍රීය 6 ක්‍රමයෙන් ඒ ධර්මතාවයටම බලවත් වූ ආයතන බවට පත්වේ. මෙසේ ඇස, කණ, දිව, නාසය, දිව, කය යන ඉන්ද්‍රීය 5 හාමත් බලු ධර්මතාවයට ආයතන වී 6 වෙනි වූ මන ඉන්ද්‍රීය හාමත් බලු ධර්මතාවය දරන මනායතනයක් ලෙස බලවත් වේ. මෙසේ බලවත් වූ මනායතනය 6වෙනි ආයතනයයි. නැත්නම් නාම රූප පච්චයා ජට්ඨායතනං යන සිද්ධාන්තය අනුව ක්‍රියාත්මක වේ. බලවත් වූ එම ජට්ඨායතනය හාමත් බලු ධර්මතාවයම දැන් බලවත් ලෙස ස්පර්ශ කරයි. මෙම බලවත් වූ හාමත් බලු ධර්මතාවයේ ස්පර්ශයේ පමණට එම හාමත් බලු ධර්මතා වින්දනයද බලවත් වේ. ඵස්ස පච්චයා වේදනා යන සිද්ධාන්තය අනුව මෙසේ ක්‍රියාත්මක වේ. දුෂ්චරිත සහිත වූ හාමත් බලු වින්දනය එම හාමත් බලු ධර්මාතාවයම බලවත් සේ ස්පර්ශ කරවයි. බලවත් වූ හාමත් බලු ධර්මතාවය ස්පර්ශ කරන විට අසත් පුරුෂයා ඒ වින්දනය හෙවත් එම වීම හා එක් වෙයි. වීම ධන වන නිසා වේදනා යන නමට පත්වේ. ඵස්ස පච්චයා වේදනා යන සිද්ධාන්තය අනුව ක්‍රියාවලිය සිදුවේ. මෙසේ හාමත් බලු ධර්මතාවයට පත්වීම බලවත් වන විට එහි ආශ්වාද හොයන මෝඩයාගේ ස්පර්ශය තව තවත් බලවත් කරයි. වේදනා පච්චයා ඵස්සෝ යන සිද්ධාන්තය මෙසේ ක්‍රියාත්මකය බලවත් වූ හාමත් බලු ධර්මතා ස්පර්ශයෙන් ඒ වීම ම බලවත් වී බලවත් හාමත් බලු ධර්මතාවේ වීම තර කර ගනී. බලවත් වූ වේදනාවට පත්වේ. අසත්පුරුෂයා මේ වින්දනය ප්‍රිය ලෙස, මධුර ලෙස සිතයි. එවිට ඒ තන්හිම හා වේ හෙවත් තණ්හා වේ. ප්‍රිය, මධුර ලෙස ගත් දුෂ්චරිත වූ හාමත් බලු ධර්මතාවයේ තණ්හා පහළ වූ විට වේදනා පච්චයා තණ්හා යන සිද්ධාන්තය ක්‍රියාත්මක වී ඇත. හාමත් බලු ධර්මතාවයේ හා වූ විට එයම යළි යළිත් බලවත්ව ඒ ස්වභාවයම ඒ පැවැත්ම සමඟ බලවත් ලෙස හා වේ.


(පිටුව 154)

නැත්නම් තණ්හා වේ. මෙසේ තණ්හා පච්චයා වේදනා වේ. යළි යළිත් එම වින්දනය බලවත් වේ. බලවත් වූ එම පාප ආස්වාද වින්දනය නිසා එහිම ඇලීම බලවත් වේ මෙසේ හාමත් බලු ධර්මතාවයේ තණ්හාව බලවත් වූ විට ඒ පාප ධර්මතාවයටම ඇදී සිටී. බැඳී සිටී. තණ්හා පච්චයා උපාදානං යන ධර්ම සිද්ධාන්තය ක්‍රියාත්මක වේ. මෙසේ හාමත් බලු ධර්මතාවයෙන් ඉවත් වන්නට බැරි ලෙස බැඳී ගිය විට ඔහු ඒ හාමත් බලු ධර්මතාවයට හසුවී හමාරය.

හාමත් බලු ධර්මතාවයට බැඳී ඒ වැඩ පිළිවෙලෙහිම හිතින්, කයින්, වචනයෙන් බලවත් සේ එම හාමත් බලු ධර්ම පාප ක්‍රියාවලියම බලවත් කරමින් බැඳී සිටී. මේ ආසන්නයේම ඇදී සිටීම හෙවත් උපාදාන වීම නිසා හාමත් බලු ධර්මතාවය කියන තණ්හිම යළි යළිත් හා වේ. නැත්නම් තණ්හා වේ.

උපාදාන පච්චයා තණ්හා යන සිද්ධාන්තය සිදුවේ. යළි යළිත් ඒ දුසිරිත් පාප ස්වභාවයේ ඇලෙන විට එයටම ඇදී බැඳී සිටී. බලවත් තණ්හා ප්‍රත්‍ය යෙන් බලවත් සේ උපාදානය මෙසේ වේ. මෙසේ ඒ මිනිසත් භවයේදීම හාමත් බලු ධර්මතාවය ආසේවිත හෙවත් ඇසුරු කර යළි යළිත් යෙදෙමින් භාවිත කර තද බල ලෙස ඇලී බැඳී ගොස් බහුලීකෘත කර ඒ අත්බැව්හිදී මිනිස් කය තිබිය දීම මානසිකව හාමත් බලු බවට පත්ව හිඳී. මේ හාමත් බලු කර්ම භව සකස් වූ හැටියි. උපාදාන පච්චයා භවෝ පටිච්ච සමුප්පාද සිද්ධාන්තය මෙහි ක්‍රියාත්මක වී ඇත. මෙසේ හාමත් බලු ධර්මතාවයට භව ගාමීව සිටින විට නැගෙන ශක්තිය දුෂ්චරිත වූ හාමත් බලු ජාතිය මතු පහළ කරන්නට හේතු වන කර්ම ශක්තිය ප්‍රභව කරයි. භව නම්වූ නාම ධර්මය ඇසුරු කර නොදිරන නාම ගෝත්‍ර නම් වූ නාම ක්ෂේත්‍රයේ පිහිටයි. ඉතාමත් ක්ෂණික ලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන චිත්ත චෛතසික උප්පාද, ඨිති, භංග යන ලෙස ඇතිව විපරිණාමව බිඳී ගියත් ඒ ගවේශණයන්ගෙන් අත් කරගත් ගෝත්‍ර “නාම ගොත්තං නජීරතී“ යනුවෙන් ශක්තිය ක්‍රියාත්මක වන තුරු නොදිරා ඒ ශක්තියද ඒ ගෝත්‍ර සමඟ එම ක්ෂේත්‍රයේ පිහිටනු ඇත.

1 comments:

Viduransi said...

මෙම “සැඟවුණු බොදු මඟ“ පොත තුල තිබෙන, බොහෝ දෙනෙකුගේ විවේඡනයට ලක්වූ කරුණක් නම් බල්ලෙකු ලෙස හැසිරෙන්නා බලු ගති ඇති තැනැත්තා බල්ලෙකු වන්නේ කෙසේද යන්නයි... “බලු විඤ්ඤාණ, බලු සංඛාර...“ ආදී වචන බොහෝ සෙයින් උපහාසයට ලක්කරමින් එවැනි විඤ්ඤාණ නැතැයිද ...එවැනි සංඛාර නැතැයිද වහරක අභයරතනාලංකාර හිමියන් විසින් අලුත් පටිච්ච සමුප්පාදයක් නිර්මාණය කර ඇතැයිද ආදී නොයෙක් ලෙසින් කරුණු දක්වමින් විවාදයට තර්කයට යොමුවූ පිරිසක් වේ.

සම්මතයේ උගතුන් වන නිසාත්, බොහෝ නමක් දරා ප්‍රසිද්ධියක් උසුලන නිසාත් එවන් වූ යම් අයෙකුගේ එම මතයන් හා එවැනි කරුණු ඔස්සේ නියමිත කරුණු නොවිමසාම ඒ මතයන් පිලිගෙන ඔබත් ඒ මතයම අවිචාරවත්ව අනුමත කරන්නේ නම් ඔබ සැමගේ හිත සුව පිණිස යහපත පිණිස වැදගත් කරුණක් මෙහි ගොනු කරමි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් බලු වත, බලු සිල්, බලු සිත් ආදිය පමණක් නොව ගෝවෘත (හරක් වත, හරක් සිල්, හරක් සිත්) ආදී තවත් බොහෝ වත් පිළිපදින පිරිසට ඒ අනුව පරලොව ගතිය ලැබෙන අයුරු සංක්ෂිප්තව විස්තර කොට ඇති සූත්‍ර දේශනාවක් ත්‍රිපිඨක ග්‍රන්ථ තුල ඇත.

මජ්ඣිම නිකාය 2 (මජ්ඣිමපණ්ණාසක) - 1. ගහපති වග්ග - 7. කුක්කුරවතිය සූත්‍රය - පිටුව 84 (pdf පිටුව 99)

සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පටිච්ච සමුප්පාද ධර්මය සංක්ෂිප්තව පෙන්වා දුන් අවස්ථාවක් වන මෙම සූත්‍රය තම තම නැණ පමණින් විමසා වටහාගන්නට උත්සාහ දරන්නේ නම් ඉතාමත් අගනේය. අවිචාරවත්ව එක් එක් පදයක් තුලින් සංක්ෂිප්ත කල පටිච්ච සමුප්පාදය මතු කරගත නොහැකිව වචනාර්ථය පමණක් ගෙන එවන් වූ ධර්මතාවයක් නැතැයි කීම ධර්මය අධර්මය කිරීමටම සම්බන්ධ වන්නකි. එවැනි හේතූන්ට ලැබෙන ඵල විපාකයන් මා විසින් අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

ඉතින් නුවණින් විමසා කටයුතු කරන්නේනම් බාහිරයට පෙනෙන යම් යම් වචන මෙතෙක් කාලයක් සම්මත කරගෙන සිටි ක්‍රමයට නොගැලපෙන බවක් දකිනා විට ඒවා ඒසේ වන්නේ කෙසේදැයි තතු සේ විමසා දැන තම තමන්ට යහපත පිණිස කටයුතු ඉටු කරගැනීම තම තමන්ගේ වගකීමක් විනා කිසිවෙකුට බලෙන් කල නොහැක්කි.

නුවණින් විමසා කටයුතු කිරීම මතු පිට කරුණු පමණක් සලකා බලමින් නියමිත හේතු නොදැන තතු නොදැන අවිචාරවත් ලෙසින් කෙරෙන බොහෝ තර්ක විතර්ක කරමින් සිදුකරන බොහෝ ආර්ය උපවාදයන් වලකාගෙන තම තමන්ගේ නිවන් මාර්ගය පාදා ගැනීමට හැකිවනු ඇතැයි සිතමි.

බොහෝ දෙනාගේ හිත සුව පිණිස සටහන් තැබූ අතර තම තම නැණ පමණින් විමසා යහපතක්ම සිදුකරගැනීමට තිසරණ සරණ ලැබේවා! නිවී සැනසෙත්වා!