(පිටුව 159)
නොයෙක් පිළිසරණ පතා ආගම් දෘෂ්ඨි යාඥා ආදියට බැඳෙන්නේ නම් අසීමිත බලාපොරොත්තු කෙසේ හෝ සඵල කර ගන්ටය නොලැබුණු නම් අසීමිත බලාපොරොත්තු කෙසේ හෝ සඵල කර ගන්ටය නොලැබුණු මේ තත්වයන් ලබන්නට ඇති බලාපොරොත්තු අනාගතය අල්ලාගෙන මහා අසහනයක් ගෙන දෙයි.. ලැබුනා යැයි සමහර විට මහත්සේ උද්දාම වෙයි. අප්‍රමාණ සසරේ පටන් මේ මායාවන්ට පැටලී මේ අසහනය උද්දාමය සංවේගය ලැබුවා මිස කිසි කෙනෙක් සැනසීම ලබා නැත. සැනසීමට කිසිවක් පැවැත්ම තුළ නැති බැවිනි. මේ සියලු බලාපොරොත්තු අත හැරියොත් පමණි සැනසුම ලැබනේනේ. එය පැවැත්මක් අල්ලාගෙන ලබන සැනසුමක් නොවේ. අත්හළ විට ලැබෙන සංසිඳීමේ සුවයකි. එයයි නිවන් සුවය.
ආර්ය මාර්ග ඵල අවබෝධයෙන් පටන් සත්‍යය දැක ප්‍රත්‍යක්ෂ කරන තුරු ලෝ සතුන් වෙහසෙන්නේ ලෝකාස්වාදය තුළින් ම සැනසුම සෙවීමටයි. අනන්ත සසරේ පටන් මේ මිස දිටුවට බැසගත් ලෝ සතුන්ට එකවරම ආර්ය වූ සංසිඳීම නම් වූ සියලු ආශා අතහැර නිදහස් වීම කරගන්ට යැයි මෙහෙය වන්ට ගියහොත් ඔවුන්ට එය පාළුවක් ලෙස සිතෙනු ඇත. සැනසුමක් ලෙස කෙසේවත් නොවැටහෙනු ඇත. ලෝකාස්වාදය දෘස්ඨිකෝණයක බැඳී නිවනේ සැනසුම කෙසේවත් දක්නට නොහැකියි. ලොවට ඇලෙන ඒ ලෝක සුවයෙහිම යෙදෙමින් ඒ සඳහාම වෙහෙසෙන අයට සිදුවන්නේ සත්‍ය දැකයි නොහැකි ලෙස නිවනේ සැනසුම දැකිය නොහැකි මහත් ආගාධයකට වැටීමටයි. එබැවින් මේ ආගාධයට නොවැටී බේරුනොත්ය. ක්‍රමයෙන් නව ලොව්තුරා සදහම් අවබෝධයට නැගීවිත් ප්‍රත්‍යක්ෂ ලැබෙන්නේ, අනාදිමත් සසරේ අත්නොදුටු නිවන් සැනසුම අත්දකින්නේ එවිටයි. මේ පරම ශාන්තිය අත්දකින්නට නම් නව ආකාර ආගාධ වස්තු තේරුම් ගෙන එයින් තමන්ට වන විශාල අවැඩ තේරුම් ගෙන ඉන් මිදී විමුක්තිය ලැබීමට උත්සාහ කළ යුතුයි. සැනසුම් සහගත අදහසක් නිතර ඇසුරු කර ධ්‍යාන නම් වූ චිත්ත ශාන්තියක් ඇති කර ගත හැකියි. එහෙත් ඒ නිවන නොවේ. විදර්ශනා ප්‍රඥාවෙන් පහළ වූ මාර්ගඵල නොවේ. දෙව්දත් තෙරුන් ද මහ සෘද්ධි බල සහිතව ධ්‍යාන ලබා සිටි කෙනෙකි සඟ පිරිස් පාලනයට කෑදර සිතක් පහලවී උපක්‍රම යොදා අජාසත්ත කුරු වසඟ කර ගන්ට නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යයන්ද පෙන්වා ඇත. ලබා සිටි ධ්‍යාන අභිඥා ඒ දක්වාත් නොපිරිහිනි. සංඝ භේදයත් සමඟයි ඒ සියල්ල පිරිහී ගියේ. කෙතේ දූෂ්‍ය වන්ට හේතු සැඟවී හිතේ මුළු ගැසී තිබුණාද යන්න ඉන්පසු බුදු පියාණන්වහන්සේ මැරීමට සිතා ගල් පෙරලීම දුනුවායන් යෙදවීම නාලාගිරි ඇත්රජ කෝප කර ඉදිරියට එවීම යනාදී සිදුකල දේ වලින් පැහැදිලි වේ. එබැවින් ධ්‍යානයක් ලැබුණත් එයින් උදද්දාම වන්නට නොවටී.
(පිටුව 160)

නවවිධ ආගාධ වස්තු
අඩු තරමින් සෝතාපන්න මාර්ග ඵලයට පත් වූවානම් කිසි දිනෙක සතර අපායට යන පාපයක් ඒ ආර්යයන් වෙතින් සිදු නොවනු ඇත. එහෙත් එකතරා මට්ටමක ඇලීම්, ගැටීම් නිසා වන මානසික අසහනකාරීත්වයේ වඳ වේදනාවන් ඒ අයටත් විඳින්නට හේතු තිබේ. සකෘදාගාමී වන විට ඒවා තුනී වී ගොස් අනාගාමී වන විටයි සියලු කාම වස්තු පිළිබදව අසහනයෙන්ගෙන් සදහටම මිදී යන්නේ. මෙසේ ලබන සංසිදීම් සුවය නම් කිසි කලෙකත් යළි දුක් අසහන වලට නොහෙළනු ඇත. මේ උතුම් ආර්ය මාර්ගයෙන් පල ලබන්නට නව විධ ආගාධ වස්තු තේරුම් ගෙන ආර්ය මාර්ගය වැඩීමට ඒවායින් වන මහත් බාධාව පාඩුව වටහාගෙන කෙතෙක් තමන්ට අසහනකාරීත්වයක් අසත්පුරුෂ ලෝකයෙන් ඇති කළත් ඉතා ඉවසීමෙන් ඒ සියලු දුක් ගැහැට විඳ දරාගෙන, මාගේ සිත කෙතෙක් රිදෙව්වත්, මා හට වචනයෙන් කෙතෙක් අපහාස බැනීම් සිදු කළත්, මා හට කෙතෙක් ගැසුවත්, කැපුවත්, කෙටුවත්, මා මරා දැමුවත් දහම් මගට ආර්ය මගට බාධාවන දූෂිත බව නම් මේ සියලු දුක් කරදර වලට වඩා මට සිදු කරන්නේ විශාල පාඩුවකියි සිතා දූෂිත නොවී ආර්ය මාර්ගය වඩන මා මිය ගියත් මට නිවන හිමි බව දනිමියි ධෛර්යය උපදවා මේ නව විධ ආගාධ වස්තු විලින් ඉවත්ව සිටීමට වග බලා ගත යුතුය. ඒ ආගාධ වස්තු නවය මෙසේයි.
- මොහු හෝ මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
- මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
- මොහු හෝ මොවුන් මට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
- මොහු හෝ මොවුන් මගේ හිතවතාට ඇවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කරගැනීම
- මොහු හෝ මොවුන් මගේ හිතවතාට දැන් අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
- මොහු හෝ මොවුන් මගේ හිතවතාට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
- මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
- මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
- මොහු හෝ මොවුන් මගේ හතුරාට මතු හොඳ වැඩක් කළ හැකියි හිත දූෂ්‍ය කරගැනීම
0 comments:
Post a Comment