මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

මෙම පොත පිළිබඳව

නිවන් අවබෝධ කරගැනීම සියලු සත්වයන්ට එකවරම කල හැකි දෙයක් නොවේ. නිරය, ප්‍රේත, තිරිසන් වැනි දුගතිගාමී ලෝ සතුන් ඉන් මිදී සුගතිගාමී විය යුතුය. මිනිසත් බැවුහි ඉපදුනත් ආයු, වර්ණ, සැප, බල නුවන ලැබිය යුතුය. ශ්‍රද්ධා - වියර්‍ - සති - සමාධි - ප්‍රඥා යන ඉන්ද්‍රීය 5 බලවත් විය යුතුය.

මිනිසත්ව ඉපිද බුදු සසුනක දාන, සීල, භාවනා ආදී දසපින් කිරිය වත් පිරීමෙන් ඉහතකී බල උදාකරගත යුතුයි. පෙර සසර එබදු පින් දහම් වඩා බලවත්ව සිටින සුගතිගාමී සත්වයන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් නිවන් අවබෝධ කල හැකිය.

ගුණ වඩන පිරිසට එම ගුණ වැඩීමටත්, නිවන් අවබෝධයට හේතුවාසනා ලබා ඇති පිරිසට ආර්ය මාර්ගය ප්‍රගුණ කර මාර්‍ග ඵල ලැබීමටත් අවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයේ සදහන්ව ඇත. එකවර තීරණයකට නොබැස කිහිපවරක් කියවා බලා කරුණු වටහාගෙන ආයර්‍ ධර්මාවෝබධය ලබත්වායි මෙත් සිතින් අනුශාසනා කරමි.

මෙයට
වහරක අභයරතනාලංකාර හිමි