මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 22, 2010

පිටුව 25 සහ 26

(පිටුව 25)
ග්‍රහයා එකකි.  ග්‍රහ මණ්ඩලය තවෙකකි.  යම් ග්‍රහයෙකුගෙන් විහිදෙන කිරණ මිනිස් ලොව වායු ගෝලයට සමීප වනවිට ඒ අනුරූප ‍ආලෝක මණ්ඩලයක් වායු ගෝලයේ මතුවේ.  හතලිස් නව යොදුන් සද මඩල, පණස් යොදුන් ඉර මඩල, ආදී ලෙස පෙන්වූවේද ග්‍රහ තාරකා නොව මේ ආලෝක මණ්ඩලයි.  අතැඹුලක් සේ ලෝකය දකින සෘෂිවරුන් ඉරහද නොදත් පිරිසක් නොවේ.  ඉර මඩල, සද මඩල, මනෝමය අතකින් එම සෘෂිවරුන්ට ස්පර්ෂ කල හැකි බව බුදු දහමේ සදහන් වේ.  නක්ෂත්‍ර දේවතාවන්ගේ වාස භවනය ඉහත කී වායු මණ්ඩලයේදී සකස් වන ආලෝක මණ්ඩලයි.  මහාසමය සූත්‍රයේදී බුදු රජාණන්වහන්සේ සහ මහා සංඝ රත්නය දකින්නට නක්ෂත්‍ර දේව‍තාවෝද පැමිණි බව සදහන්‍ වේ.
ලොව ඒ ඒ ගති ලක්ෂණ ග්‍රහණය කර පාලනය කල පින්වත් පිරිස් ‍ඒවායේ උපත ලබා අදද එබදු ලෝක පාලන කටයුතු කරනු ඇත.  ලෝක පාලක දේවතා කොටසකි ග්‍රහ දේවතාවන්.
කරුණු හරි හැටි තේරුම් ගෙන ඒ ග්‍රහ දේවතාවෝද සිහි කල යුතුය.  ලොවට සෙත සලසන දිව්‍ය බ්‍රහ්ම ආදී තැන් පටන් සෑම අයම සිහි කල යුතුයි.  
බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්‍රිමූර්තියයි.  හට ගැනීම, පැවැත්ම, විනාශය මින් සදහන් කරයි.
මෙයින් ආරම්භක බ්‍රහ්ම ගති ලක්ෂණ ඇති පිරිස බ්‍රහ්ම නමින් උපත ලැබූ දේව පිරිසයි.  පැවැත්මේදී මධ්‍ය කාලයේ කාම ආශ්‍රිත ජීවිත ‍ගත කරන පිරිස පහල වේ.  මෙහිදී වැරදි කාම හැසිරීම් වල ආදීනව පෙන්වමින් දැහැමි කාම හැසිරීමේ කාම ස්වර්ග ගති ලක්ෂණ අනුව ජීවත් වෙමින් ඊ‍ට උපදෙස් දෙන පිරිස විෂ්ණු දේව පිරිස ලෙස උපත ලැබූ දේව පිරිසයි.  ලෝකයේ විනාශයට හේතුවන පවිටු ගති නාසා වන විපත ඊශ්වර කාලයයි.  මහ ඉසුරු ලබන්ට අසාධාරණ කිරීමෙන් වන විනාශය පෙන්වා දෙමින් දැහැමින් සාමයෙන් තේජස් වී ගති සහිතව අභිවෘද්ධි සහගතව ජීවත්වන්නට මග පෙන්වමින් පින් දහම් වල යෙදෙමින් සිට දෙවි බවට පත් පිරිස ඊශ්වර දෙවි පිරිසයි.  හේතුවට අනුව ඵලය ලැබෙන බව බුදු දහමේ මනාව පෙන්වා දී තිබේ.  මේ අනුව වටහා ගෙන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර දේවතාවෝ ලොවට කල‍ සේවය සිතා ඒ පිරිස් එම පුණ්‍ය බලයෙන් අද ද දෙවි අත් බැව් ලබා ඇත.  ඒ ගම් බිම් බාර දේවතාවෝද සිහි කල යුතුය.  

(පිටුව 26)
නොයක් ඖෂධ වනෝධ්‍යාන සදා මිනිසාගේ යහපතට ඒවා පාලනය කර සෙත සැලසූ අය ඒ දේව ගතියෙන් අදද දේවත්වයේ උපදී.  ඒ වෘක්ෂ දේවතාවෝද සිහි කල යුතුයි.  
මෙසේ ලොව සෙත සලසා දුන් ගුණ සලකා අහස්ගත, භූමිගත දේවතාවෝද සිහි කර පින් පෙත් දිය යුතුය.  මෙසේ අනුක්‍රමයෙන් කලගුණ සිහි කර සෙත සලසන බොදුනුවන්ට ඒ දෙව් පිරිස්හි ආශිර්වාදයද ලැබෙනු ඇත.  බොදුනුවෝ ගුණ සලකා කලගුණ සිහි කර යහපත සලකන පිරිසක් බැවින් තමන්ට ආශිර්වාද කරයි කියන අදහසින් පින් පෙත් දෙන ජාතියේ පිරිසක් නොවේ.  ඒ නියම ගුණ දකින දේවතාවෝ ගුණවත් බොදුනුවන්ට නමස්කාර පූර්වකව ගරු කරන්නේ ඒ නිසාය.
දයානුකම්පිත වූ බොදුනුවන් කිසිම ලාභ, කීර්ති, ප්‍රශංසාවකින් තොරව අසරණ අයට පිහිට වේ.
යම ලොව, අසුර ලොව, නා ලොව සිටින සැමටත්, බාහිරව පිරිස් වලටත්, සතර අපාගත සැමටත් දයාවෙන්, කරුණාවෙන් දුගති මිදී සුගති ලැබ නිවන් දකිත්වායි පින් පෙත් දෙවමින් ආශිර්වාද කරත්.
එසේම යටින් අවීචියද උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියන භවාග්‍රයද අතර මේ සක්වල සියලු සත්වයන්ටද මේ පින් පෙත් ලැබී සුඛිත මුදිත වේවා.  නිවන් සුව අත්වේවායි පින් පෙත් දෙවමින් ආසිරි පැතිය යුතුය.  කෙතෙක් අදමිටු කම් කළත් ඒ පිරිසටද කවදා හෝ සත්‍යය වැ‍ටහේවයි දයා, කරුණා ගුණයෙන් ලෝකාන්තරික ගත නියත මිසදිටු සත්වයන්ද සිහි කර පින් පෙත් ආශිර්වාද කල යුතුය.
මෙසේම අනන්තා පරිමාණ සක්වල සියලුම සත්වයන්ට දුගති දුරුවී සුගතිය, නිවන ලැබී සසර දුකින් මිදේවායි පින් පෙත් දෙවමින් ආශිර්වාද කල යුතුය.
ඒ ඒ පිරිස් වලට කෙතෙක් මේ ආශිර්වාද ලැබුනද, නොලැබුනද මෙබදු යහපත් සිත් ඇති බොදුනු පිරිසට ඒ චිත්ත ප්‍රසාදය අභිවෘද්ධියටම හේතු වේ. 

පිටුව 23 සහ 24

(පිටුව 23)
දෙමව්පියන්ගේ ආධාරයෙන් අනිකුත් පිරිසගේ නොයෙක් අනුග්‍රහයෙන් මව් ගැබ තුල අප වැඩුනු හැටි සිහි කල යුතුයි. 
මව් ගැබ තුල අපිට තනිව කරගත හැකි කිසිවක් නොවූ බව අප දනිමු අද මොන තත්වයක්, තානාන්තරයක් ඉසිළුවත් එදා ‍අනාථය අසරණය.
හද පත්ලෙන්ම මේ ගැන සිතන අපට උදව් කල, උපකාර කල දෙමව්පියන් වැඩිහිටියන් පෙනෙන, නොපෙනෙන ලොව සිට ආශිර්වාද කල සැම දෙනම කල ගුණ සිතින් ගෞරවයෙන් සිහි කර පින් කුසල් දෙවිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.
මීටත් වඩා අසරණ, අනාථ අවස්ථාවක්ය මීලගට එළඹෙන්නේ මවු ගැබෙන් බිහිවූ පසුයි ඒ.  උඩුකුරුව හොවන කයක් ඇතිව සිටිනු හැර වෙන කිසිවක් කර කියාගත හැකි කමක් කල නොවීය.
මැසි, මදුරු, සීත, උෂ්ණ ආදියේ නොයෙක් බාධකවලට ප්‍රතිචාර දෙන්ටද? පිපාසය දිය බිදක්, බඩගින්නට අහර බිදක් තනිව සපයා ගන්නේ කෙසේද?  මළ, මුත්‍ර හිටි තැනම පහ වන විට එදා අප කුමක් කරම්ද? කෙල, සොටු, තෙල්, කුණු ආදිය ගලන විට කුමක් කරම්ද?
මේ සියල්ල දුරු කර රැකවරණය සලසවා නාවා, කවා, පොවා, මළ මූ පිරිසිදු කර මොහොතක් අඩන, කෑ ගසන විට වඩාගෙන නලවමින් ඇති දැඩි කල දෙමව්පියන් හා වැඩිහිටි පිරිස කෙසේ අමතක කරමුද?  පෙනෙන නොපෙ‍නුන ලොව සිට අපට ආශිර්වාද කල අය අමතක කල හැකිද?  හද පත්ලෙන් හැගුම් බරව සිහිකර ඒ අය ජීවත්ව සිටියත් මියගොස් කෙබදු උපතක, භවයක සිටියත් ගුණ සිතින් පින් කුසල් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.  අප ගුණවතුන් වන්නේ මෙහෙමයි.
ඉන්පසු ළමා කල ගත කරන, ගත කල සැම දෙනම එකල තතු සිහි කල යුතුය.  කුඩා කල රැක ගෙන දෑස මෙන් බලාගෙන පෝෂණය කරමින් ලෙඩට දුකට මහත් උනන්දුවෙන් ප්‍රතිකාර කරමින් දැනුම, ඉගෙනුම ලබා‍ දෙමින් රැකවරණය සලසමින් ගුණ දම් කියා දෙමින් මේ දිවිය පෝෂණය කලේ කවුද?  දෙමව්පියෝ දෙගුරුන් ලෙස මුල් කල මේ සියලු කටයුතු වලට මූලික වූ හැටි සිහි කල යුතුය.  උතුම් ගුරු පිරිස පසු කල දැනුම, ඉගෙනුම, ගුණ දුන් අයුරුද තව නොයෙක් වැඩිහිටි පිරිස් රක්ෂණය, පෝෂණය දුන් අයුරුදු සිහිකර හද පත්ලෙන් නැගුන ගුණ සිතින් තම න කරන පින් පෙත් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.


(පිටුව 24)
ඉන්පසු අද වනතුරු අපට උදව්, උපකාර, රැකියා ලබා දුන් ස්වාමි පක්ෂයේ එම ගුණ සිහිකර ඒ සැමටද පින්පෙත් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුයි.  අප සමග සේවය කරන අය මෙන්ම උදව් කරන දැසි දස්, කම්කරු ආදින්ද සිහි කල යුතුය.  සිය නිවසේ අඹු සැමි, දූ පුතුන්, නෑ හිතවත් අය මෙන්ම ‍ගේ දොර, ඉඩ කඩම්, දේ පොල, යාන වාහන  සකසා, වවා, හදා දුන් සැම ආදී පිරිස මෙන්ම අසල් වැසි සැමද සිහි කර කල ගුණ සිතින් පින් පෙත් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.  සත් පුරුෂයෝ තමන්ට අනිකෙක් කල හිංගි සියයක්හි මධ්‍යස්ථව තමන්ට කල එක උපකාරයක් සලකා ප්‍රති උපාකර කරන බව දේශනා කර ඇත.  අප ඊට දක්ෂ වුනි නම් හතුරාට පවා එම ගුණය ඉදිරියේ යටහත් නොවී සිටින්නට බැරි වනු ඇත.  අසමගිකම් දුරුවී සමගිය සාමය උදා වනු ඇත.
අප ජීවත් වන ලෝකය බොහෝ පුළුල්ය.  පේන ප්‍රමාණයට වඩා මිනිසා දිවි ගෙවන්නේ නොපෙනෙන බලවේග සමගයි.  විශ්වයේ නොයෙක් අදෘශ්‍යමාන බලවේග, අමනුෂ්‍ය, දේව බලවේග අප කල කර්ම ශක්ති ප්‍රවාහයන්ට අනුකූලව අප හා සම්බන්ධව පවතී.  මෙකල වරදවා වටහා ගත් බුද්ධ දේශනාවක්ද ඇත.  තමා කල පින් පවු තමන්ට පල දෙන බවත්, තාරකා ඊට කුමක් කරන්ටද කියා දේශනා කල බුද්ධ වචනය ගෙන තාරකා වල කිසි බලපෑමක් නැතැයි මුලා අදහස් ගෙන ඇත.
ඉහත බුද්ධ භාෂිතය තේරුම් ගන්නට උපමාවක් ගෙන බැලිය යුතුය.  මුලා සිහි ඇත්තෙක් නොසැලකිලිමත්ව කටයුතු කර ගින්දරට පුච්චා ගත්විට තමාගේ නොසැලකිලිමත් කමින් තමා පුච්චා ගත්තාට ගින්දර කුමක් කරන්ටද කීවෝත වැරදි වැටහීම් ගත් කෙනෙක් මෙසේ කියන්නට පුළුවන.  "එහෙනම් මොහු පුච්චා ඇත්තේ ගින්දර නොව නොසැලිකිලිමත්කමයි".  මෙසේ අරුත් ගත් මෝඩයන්‍ සේ තාරකා කුමක් කරන්නටද කී අදහස තේරුම් ගන්නට බැරුව තාරකා වල කිසිම බලපෑමක් නැතැයි කීවොත් මුලාවේ.
ඉර හද මිනිසාට බලපාන ආකරය සක් සුදක් සේ පැහැදිලිය.  ඇක්ස්රේ වැනි කිරණ, පාරජම්බුල කිරණ වැනි සියුම් රූප ධාතු වලින් සිදුවන විනාශය පෙනී පෙනීම ඇත.  කුජ වැනි ග්‍රහයන්ගේ පටන් ගුවන් විදුලි පණිවුඩ එවන විට විනාඩි ගණනකින් මේ ලෝකයට එන අයරුද අද විද්‍යාව ඔප්පු කර ඇත.  සියලු ග්‍රහයෝ මිනිස් චින්තනයේ ගති ශක්තියට අනුව ලොව පහල වී ඇත.  ඉර සද පහල වීම පිලිබදව මිනිස් චින්ත‍නයේ බලපෑම හේතුවූ අයුරු බුදු දහමේ මනාව පෙන්වා ඇත.