(පිටුව 95)
එවිට බුදු පියාණන්වහන්සේ දේශනා
කළේ එසේ නම් ඔබට ජීවිතයේ එක් දිනක් වත් තෙත හිස කෙස්, තෙත
වස්ත්‍ර නැතිව සිටින්ට ලැබේද? ඇඩූ කදුලක් නැතිව සිටීමට
ලැබේද? එක් දිනක් වත් සතුටින් සිටීමට ලැබේද? යන්නයි.
කරුණු වටහා ගත් උපාසිකාව ප්‍රිය මනාප වස්තු වැඩි වූ තරමට දුකට ශෝකයට
හේතු
උපදින බව සිහි කළාය. ඇයගේ ශෝකය
එයින්සංසිදින. මවක් එකම
පුතෙකුට ප්‍රේම කරන සේ
ලොව සියලු සතුන් ගැන සිහි කලා නම් ඒ මවට කෙසේ සැනසිල්ලක් ලැබේද? මේ
සූත්‍රයේ පෙන්නුවේ වටිනා උපමාවකි. මව නම් අමා මෑණියන්
වහන්සේමය. එකම පුතා නම් අරිහතුන් වහන්සේය. ඒ
තත්වයට ලෝ සතුන් පත් වේවායි ආශිර්වාද කරමින් අනුරක්ෂණය කිරීම
බුද්ධ ශ්‍රේෂ්ඨ
කාර්යයකි. ලෝ සතුන් සසර අනන්ත දුක් කදක් බව
වටහා ගෙන අරිහත්වයේ ශාන්තියට පත්ව දුක් ගිනි නිවා ගනිත්වායි තමන්ට කළ හැකි
යම් කාය
කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් ඇත්ද එය සිදු කරන්ටයි
මෙයින් දේශනා කළේ. එවිට නම් ලෞකිකව සත්වයා විදින පාප දුක්
වලට
කම්පාවක් ඇති නොවේ. එබදු අනන්ත දුක් කර්ම
විපාක ඵල දීමෙදී විදින්නටම සිදුවේ. ඒවා
කෙසේ වලක්වා සතට සහන සලසන්නද? කළ හැකි කාර්යයක්ද? ඒ
කෙරෙහි දුක්වීම, කම්පාවීම
මුලාවකි. සත්වයන්ට ඒ දුකින් බේරීමට
නම් ඇති එකම මග ආර්ය මාර්ගයෙන් සසර දුකින් මිදීමය. ඒ සදහා කර
දිය හැකි උදව්වක්, උපනිශ්‍රයක් ලබා දිය හැකි නම් දිවා රෑ
නොබලා ඒ
උදව්ව ඉටු කර දීම ම සිව් බඹ විහරන වලට අයිතිය.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,
නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ආදී
මෙන් වැඩීමේදී මෛත්‍රී මාර්ගයට කිසි
බාධාවක් නැත. සම්ප්‍රදායිකව පවත්වා ගෙන එන
වදන් වලට දී ඇති අර්ථය ශාසනික නොවන බැවින්ද ඒ අන්‍ය පරිබ්‍රාජකයින් භාවිතා
කල
අර්ථය හදවත් තුළ කිදා බැස ඇති බැවින්ද විස්තර ඇති ව භාවනාව යළි නොගත්තොත්
දහම්
අර්ථය නැගී එන්ට බාධාවිය හැකිය.
(පිටුව 96)
ශාසනික අර්ථය ඔප් නැංවෙන පරිදි ද
වේවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමීවද
සප්ත බොජ්ඣංග ධර්ම නැගෙන පරිදි ද වැඩීමට සුදුසු මෛත්‍රී භාවනා වාක්‍ය
කීපයක් මෙහි
පහත දක්වනු ලැබේ.
(1) කර්මස්ථානය
පෙරදිග වසන සත්වයෝද - පෙර අනුදිග
වසන සත්වයෝද
දකුණුදිග වසන සත්වයෝද - දකුණු
අනුදිග වසන සත්වයෝද
පසුදිග වසන සත්වයෝද - පසුඅනුදිග
වසන සත්වයෝද
උතුරුදිග වසන සත්වයෝද -
උතුරුඅනුදිග වසන සත්වයෝද
යටදිග වසන සත්වයෝද - උඩදිග වසන
සත්වයෝද
මේ මමද සියලු සත්වයෝ
සංසාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර භයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
සංසාර දාහයෙන් මිදෙත්වා
සංසාර ශෝකයෙන් මිදෙත්වා
සංසාර රාගයෙන් මිදෙත්වා
සංසාර බැම්මෙන් මිදෙත්වා
සංසාර සයුරෙන් මිදෙත්වා
සංසාර කතරෙන් මිදෙත්වා
සංසාර අදුරෙන් මිදෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
(ඉහත රූප සටහන කර්මස්ථානයේ සදහන් දිශාවන් පැහැදිලි කරගැනීමට උපකාර වනු ඇත)
අර්ථය කිදා බැස සිටි තරමට
ශාන්තිය නැගී එයි. බලා සිටියදී ශරීරය
සැහැල්ලු වන අයුරු වැටහේ. තවදුරටත් වැඩෙන
විට නිරාමිස ප්‍රීතියෙන්, සුවයෙන් ගත, සිත පිනා යයි. නිවන
හැර මටද ලෝ සතුන්ට ද සැනසුම් මගක් නැත යන සත්‍යය
තිර ලෙස මනසේ කිදා බසින්නට පටන් ගනී. ඒ
ඒකාග්‍රතාවයයි. මෙහි භාවනා වාක්‍ය
සවිතක්ක සවිචාරයයි. නැගෙන මානසික ප්‍රීතිය
සමග කායික සුවයද ඔප් නැගෙයි. නිවන අරමුණු
වී ඒකාග්‍රතාවය බලවත් වේ. මේ අවස්ථාව
මනාසේ අත්දැකිය හැකියි. එය ශාසනික ප්‍රථම
ධ්‍යානයයි.