(පිටුව 87)
එබදු අය ගැන උපේක්ෂා වීම හැර බෞද්ධයන්ට කළ හැකි අන් කිසිවක් නැත. ඒ පිරිස බලයෙන් හිකමවන්ට නීති උපක්‍රම යොදන්නට ගියොත් දාමරික වූ, මන්ද බුද්ධික වූ ඔවුන් පවට ලැජ්ජා නැති හෙයින් ශාසනයට, බොදුනුවන්ට ගරහනු ඇත. උතුමන්ට ගැරහූ පව් ගෙවන්ට කල්ප ගණනක් අපා දුක් වින්දත් බැරිය. ඌරන් මරමින් ජීවත් වූ චුන්දසූකර වේළුවනාරාමයට යාබද ඉඩමේ සිටියත් බුදු පියාණන්වහන්සේ අවවාද අනුශාසනා කරන්ට නොවැඩියේත් ඒ නිසාම බව ත්‍රිපිඨකයේ සදහන්ව ඇත. අපද මේ ආදර්ශය ගෙන බුදු රජාණන් වහන්සේට කරන්ට බැරි වූදේ කරන්ට, තටමන්ට ගොස් අමාරුවේ නොවැටී අපටත්, උන්ටත් වැඩිම යහපතක් වන ලෙස ක්‍රියා කර බෞද්ධයන් ලෙස නිවන් දකින්නට උත්සාහ කල යුතුයි. ආර්ය මෛත්‍රී භාවනාව පිලිබදව වටිනා විස්තරයක් සංයුක්ත නිකායට අයත් “හලිද්ද වසන” සූත්‍රය තුල මීට පෙරද කියා ඇත. පොත දීර්ඝ වූවත් බෞද්ධ මෛත්‍රී භාවනාවේ විශේෂත්වය තේරුම් ගැනීමට එහි සිංහල අර්ථය මෙහි පෙන්වමි.
- මවිසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලීය ජනපදයේ කෝලීය වංශිකයන්ගේ හලිද්ද වසන නම් නියම් ගමක් වීද එහි වැඩ වාසය කරන සේක.
- එකල්හි වනාහි බොහෝ භික්ෂූහූ පෙරවරු කාලයෙහි හැද පොරොවා පා සිවුරු ගෙන හලිද්ද වසන නම් නියම් ගමට පිඩු පිණිස ගියාහුය. එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබදු සිතක් විය. හලිද්ද වසනයෙහි පිඩු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය අපි අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි යන්නෙමු නම් යහපති කියාය. ඉක්බිති අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතු වූ කථාව කොට නිමාව එකත් පසෙක හුන්නාහුය. එකත් පසෙක උන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි, තෙපි එව්.”
- සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්.
(පිටුව 88)
එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්.
- කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්.
- මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්.
- උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.
“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයාණන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු. ඇවැත්නි, තෙපි එව්”
- සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්. මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්.
0 comments:
Post a Comment