මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jun 1, 2010

පිටුව 77 සහ 78


(පිටුව 77)
එසේ දෘෂ්ටි ලබ්ධි වලටඅනුව කියන්නේ තමන්ට ඕන හැටියට කියන කරන සේව කෘත ධර්මයයි.
ඒවා සත්‍ය නොවේ.  මුලා දේශනාය.  ස්ව ආකෘත යනු තමන් කැමති සේ නොකල යන්නයි.  බෙදා බලන දහම් ක්‍රමය භගවතා ධම්මයි.  තමන්ට ඕන හැටියට මුලා සහගතව නොසිතා සත්‍ය වූ හේතු ඵල රටාව දැන දේශනා කල බැවින් සෑම බුදුවරයන් වහන්සේ නමක්ම සමාන ධර්මයක් දේශනා කල බව කියැවේ.  ඊ‍ට හේතුව උන්වහන්සේලා තමන්ට ඕන හැටියට දෘෂ්ටි ලබ්ධි වලින් දේශනා නොකරන සත්‍ය ධර්ම රටාව, අසම සම බුද්ධ ඤාණයෙන් දැන ඒ හරි ක්‍රමයම දේශනා කිරීමයි.  එබැවින් දහම් පරස්පර භාවයක් කිසි විටක සිදුවිය නොහැක.  න්‍යාය ධර්මානුකූලව අනු පිලිවෙලින් දේශනා කර ඇති බැවින් නැණවතුන්ට ඤෘණ ගෝචර වේ.  ශ්‍රවණය කරන්ට ලැබුණු විට සත්‍ය වූ එම දහම් න්‍යාය ක්‍රමානුකූලව වැටහේ.  ඒ සත්‍ය කවුරුවත් කෙරෙහි විශ්වාසයෙන් හෝ පරපුරෙන් ගේන නිසා හෝ උගතෙකු කී නිසා හෝ පිළිගැනීමකින් දරා ගන්නක් නොව න්‍යායානුකූල බව සත්‍යය වැටහීම නිසාම පිලිගනී.  දහම් පිළිබද කිසි සැකයක් ඉතිරිද නොවේ.  මෙසේ දන්නා, දක්නා ආර්ය ශ්‍රාවකයා ඒ ක්‍රමානුකූලව බෙදා දක්වන දහම් න්‍යාය කාගේවත් නිර්මාණයක් නොවන බවත් සත්‍ය දහම් රටාවම බවත් ධර්මයම බවත් ධර්මයම සාක්ෂි කොට වටහා ගනී.  මෙසේ මේ දහම් ගුණය තුළට ඇතුලු වූ විට ධර්ම වැටහීම සම්පූර්ණ වේ.  සත්‍ය දහමින් අත් දැකීම් සහිතව ඉහළටම වැඩුනු සිත අකම්ප්‍ය සමාධියෙන් පූර්ණ වේ. 
දැන් දහම් අත් දැකීම පූරණය.  මහා ප්‍රඥාව මුහුකුරා ගොස් බුද්ධියේ අග්‍ර ඵලයට පත්වීම මීළගට සිදුවන බැවින් බුදු ගුණ තුළට ඇතුලත් වීම දැන් ආරම්භ වේ.  මේ ගුණ තුලට ඇතුලත් වීමට කල් ගත නොවේ.  ආසන්න කාලය තුළදීම සිදුවේ. 
සඝ ගුණ නවයකින්ද, දහම් ගුණ 6කින්ද, ගුණ වෙමින් ආ ගමන දැන් බුදු ගුණ තුලට ඇතුළු වන අවස්ථාවට ළං වෙමින් පිහිටයි.
09) භගවා ගුණය
නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය දහම් නුවණට ගෝචරව ඇති ඒ උතුමෝ මේ පව, මේ දුෂ්චරිතය මෙබදු අත් බැව් සදහා හේතු වේ යැයි සතර අපා උපත් සිදු‍වන ආකාරයට වෙන් වෙන් ලෙස දකින්ට සමත් වේ.  මේ මේ සුචරිත දහම් මේ මේ සුගති උප්පත්ති සදහා යයිද වටහා ගනී.  මෙබදු ධ්‍යාන තල වල උපතට හේතු වේ යැයි දැන ගනී.  මෙසේ තුන් භවයටම සම්බන්ධ වන ලෞකික දහම් වෙන් කර වටහා ගනී.  මෙසේ තුන් භවයටම සම්බන්ධ වන ලෞකික දහම් වෙන් කර වටහා ගනී.  මෙසේ තුන් භවයටම සම්බන්ධ වන ලෞකික දහම් වෙන් කර වටහා ගනී.  මෙසේ තුන් භවයටම සම්බන්ධ වන ලෞකික දහම් වෙන් කර වටහා ගනී.  තුන් භවයටම සම්බන්ධ නොවන නිර්වාණ ධර්මයද මාර්ගඵල වශයෙන් වෙන් කර දැක ගන්ට සමත් නුවණකින් යුක්ත වේ.  මෙසේ දාසය වැනි ඉහළ ගුණයටද පත්වේ. 

  
(පිටුව 78)
08) බුද්ධ ගුණය
ගුණ 15කින් ඇතුල වූ ආර්ය ශ්‍රාවකයා දුටු ධර්ම ස්කන්ධය හේතුවෙන් මේ දුක යයි තත්වාකාරයෙන් අඩු නැතිව දකී.  මේ දුකට හේතු වූ තෘෂ්ණාවයි තත්වාකාරයෙන් අඩු නැතිව දකී.  මේ දුක්ඛ නිරෝධයයි තත්වාකාරයෙන් දකී.  මේ දුක්ඛ නිරෝධගාමී මාර්ගයයි තත්වාකාරයෙන් අඩු නැතිව දකී.  චතුරාර්ය සත්‍යයම තත්වාකාරයෙන් අඩු නැතිව පුර්ණ ලෙස දැක භවය උදුරා දමා භ + උද්ධ හෙවත් බුද්ධ ගුණයට ඇතුලු වෙයි.  භවය කෙළවර වේ.  මතු ජාතියට හේතු කිසිත් නැති බවද දැන ගනී.  මෙසේ 17 වැනි ඉහළ ගුණයට පත්වෙයි. 
උන්වහන්සේ අරිහත්ය.  තමා සදහා නිවන ලබන්නට තව කල යුත්තක් නොමැති බව දැන ගනී.  තමෘ අනන්තයේ පටන් විදගෙන ආ සසර දුක් කන්දරාව නිම කර නිවුනා සේ අන්‍යයෝද මිදේ නම් ඔවුන්ට කෙතෙක් මහා යහපතක් දැයි දයානුකම්පාව නැගී සිටී.  එහිදු බැදීමක් නැත. 
07) සත්තා දේව මනුස්සානං ගුණය
සුදුසු කල්, සුදුසු තැන් ලැබුණු විට දයානුකම්පාවෙන්ම දහම් දෙසයි.  ඒ දහම් අසා එම අත් බැව්හිදීම නිර්වාණ ශාන්තියට පත් වන්ට ලැබෙන්නේ හේතු වාසනා ඇති දේව මනුස්ස දෙගතියේ සිටින පිරිසටයි.  ශාස්තෘ භාවයෙන් එම පිරිසට උදව් කරන සුදුසුකම දැන් ලැබී ඇත.  මේ සත්ථා දේව මනුස්සානං ගුණයට උන්වහන්සේ ඇතුලත්ය.  
06) පුරිස ධම්ම සාරථි ගුණය
මීලගට පුරිස ධම්ම සාරථී ගුණය කෙසේද?  අටුවා වල මේ ගුණය තෝරන්නේ පුරුෂ පක්ෂයට අයත් යක්, රකුස්, අංගුලිමාල, සච්චක වැනි අය දමනය කරන හෙයින් බුදු රජාණන් වහන්සේටම ආවෙණික ගුණය ලෙසය. 
නමුත් මෙහි පුරිස යනුවෙන් හදුන්වන්නේ උතුම් යන අර්ථයයි.  න මුණ්ඩකෝ සෝ පුරිසෝ  යනුවෙන් විශාඛා උපාසිකාව ශ්‍රමණ ගුණ, මිගාර සිටු තුමාට කී ස්ථානයක පෙන්වා ඇත. 

0 comments: