(පිටුව 75)
නිරෝධය යමක උපතක් නොවන බැවිනි. උපදවන යමක් ඇත්නම් උපතක් පෙනේ. විපරිණාමයක් පෙනේ. වැනසීමක් පෙනේ. මාර්ග චිතතක්ණයත්, ඵල චිත්තක්ෂනයත් අතර අතරක් නැති නිසා, කාලයක් නැති නිසා, අකාලිකයි කීම ධර්ම න්‍යායට ගැළපේදැයි සිතා බැලිය යුතුයි. යම් චිත්ත විථියක චිත්තක්ෂණයක් භංග වන තුරු ඊළග චිත්තක්ෂණයේ උපත පහළ නොවේ. දෙවැනි චිත්තක්ෂණය පහළ වෙන්නට පළමු වැනි චිත්තක්ෂණය නත්ථී ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය් විය යුතු බවයි ධර්ම න්‍යය, අතරක් නැත්නම් දෙකක් වෙන් වූයේ කුමකින්ද? “අතර” සිතකට ගෝචර කරන්නට බැරි තරම් සියුම් වූ පලියට අතරක් නැතැයි කීම බුද්ධී ගෝචර දැයි සිතා බැලිය යුතුය. පැවැත්මක් විද්‍යාමාන වන සෑම දෙයක්ම කාලය හා සම්බන්ධය. උපතක්, විපරිණාමයක්, වැනසීමක්, කාලය සම්බන්ධව මැනිය හැකිය. එබැවින් ඒ සියල්ල කාලිකය. උපතක් නැති, විපරිනාමයක් නැති, වැනසුමක් නැති තැනක කාල මිම්මෙන් මනින්ට දෙයක්ද පහළ නොවන බැවින් නිවන අකාලික යැයි කියති. විපරිණාමය වන, වැනසෙන ලොව සියල්ලම ප්‍රියමනාප ආත්ම වශයෙන් ශුන්‍ය බැවින් අසාර ලෙස දැන, අසාරයෙහි පිහිටීම දුකේම පිහිටීමක් බව දැන එහි අත්හැරීම, නොඇල්ම නිසා ඉන් මිදෙයි. මිදී යාම යනු පැවැත්ම හා සම්බන්ධ ධර්මතාවයක් නොවන නිසා ඒ ධර්ම ස්වභාවය අකාලිකත්වයෙන් දකී.
තවද කාලය යන වදන භාවිත කරන්නේ කුමක් සදහාද යන්න තේරුම් ගැනීමට එහි නිරුක්තිය දැකිය යුතුයි. ක + ආල යනුවෙන් පද බෙදා එය දැකයි යුතුයි. ආල යනු ඇලීමයි. යම් යම් දේ ඇලී සිටින විට ඒ සම්පිණ්ඩනයෙන් යමක් විද්‍යාමාන වේ. ඒ ඇලී සිටීම ක්ෂය වූ විට එය වැනසේ. එබදු අතරක් දනවන්ට වෙන් කර ගන්නේ ආලය ක්ෂය වූ මිම්මයි. එයයි කාල යන වචනයේ නිරුක්තිය. එකතුවක සම්බන්ධයක් හෝ එකතුන් දෙකක් අතරක් ලෙස හෝ පැවැත්මක් නොවෙයි නිවන. නිවන අකාලිකයි කියා දැක ගත් විට නියම නිවීම, දුකින් මිදීම ඒ ස්වභාවයම බව දැන ගනී. ඒ නාථත්වයේ වැටහීම පරම සුබය බව ප්‍රත්‍යක්ෂ වේ.
11) සන්දිට්ඨික ගුණය
මීලගට 24 වැනි ගුණයේ පටන් ඉහලට ඇති 14 වැනි ගුණයට ඇතුලු විය යුතුය. එනම් සන්දිට්ඨික ගුණයයි. තමන්ම දැකිය යුතු යන අරුත මේ ගුණය සදහා අටුවා වලදී ඇත.
(පිටුව 76)
මෙය විස්තර කර වටහා ගන්නා තුරු නියම අර්ථ වැසී ඇත. සන් යනු සිතට නමකි. “සන්තාන” ආදී ලෙස එය පෙනේ. සිතේ ස්වභාවය දකින ධර්ම ඥාණය පහළ වූ විටයි එය අත් දකින්නේ.
උපමාවක් ගෙන මෙය වටහා ගත යුතුය.
පිරිසිදු වතු නොදුටු කෙනෙකුට අප තේ කහට වතුර, සායම් මිශ්‍ර වතුර ආදිය පෙන්වා වතුර කෙබදු දැයි ඇසුවොත් කෙසේ පිළිතුරු දෙන්ටද? තේ කහට වතුරින් කහට ඉවත් කරන්ට, මඩ වතුරින් මට කොටස ඉවත් කරන්ට, සායම් මිශ්‍ර වතුරින් සායම් ඉවත් කරන්ට ක්‍රමයක් කියා උපකරණ සමග ඔහුට දුනනොත් ඔහු ඒ ක්‍රමයට ක්‍රියා කර පිරිසිදු වතුර දකිනු ඇත. දැන් ඔහු පිරිසිදු වතුරත් හදුනයි. මඩ රොන් එක් වීමෙන් මෙය මඩ වතුර සේ පෙනෙන හැටිත්, සායම් වර්ග එක් වීමෙන් පාට වතුර කියන හැටිත් හදුනයි.
මෙසේ ආගන්තුක උප ක්ලේෂ නිසා ලෝභ හිත, ද්වේශ හිත, මෝහ හිත, ඇකිළුනු හිත, විසිරුණු හිත, සමාධි හිත, ආදී ලෙස වෙන්ව හැගෙන හැටිත් මේ උප ක්ලේෂ පහවූ පසු ප්‍රභාශ්වර හිත හෙවත් පිරිසිදු හිත කියාත් දහම් නැණින් වෙන් කර අත් දැකීම් සහිතව හදුනන්ට වූ විට හිතේ ස්වභාවය වටහාගනී. මෙයයි සන්දිට්ඨික දහම් නුවණ. මෙසේ දැන සිත්හි ආගන්තුක කහට, දාහ දුරු කර ප්‍රභාෂ්වර සමාධිය ලබයි. 14 වැනි ගුණයටද ඇතුලු වේ.
10) ස්වක්ඛාත ගුණය
මීලගට ඇත්තේ 24 වැනි ගුණයේ පටන් ක්‍රමයෙන් ඉහලට ආ 15 වැනි ගුණයට ඇතුලු වීමයි. එය ස්වක්ඛාත ගුණය වේ. අටුවා වල මෙයට අර්ථ දෙන්නේ මුතු පටක් මෙන් ක්‍රමානුකූලව ගෙතුණු බුදු දහම දකින ලෙසින්ය.
බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්‍ය දාර්ශනිකයන් මෙන් තම තමන්ගේ මත නොවේ. යම් ධර්මයක් ලොවේ විද්‍යාමාන වේද ඒ හේතුව සකස්වී ඇත්තේ මෙසේය. ඒ ඵලය සකස් වී ඇත්තේ මෙසේය. හේතු ධර්මතා පරිදි ඵලයද වෙනස් වන, වැනසෙන ක්‍රමය මෙසේ යැයි ලොව සැම කල්හි නොවෙනස් වන ධර්ම නියාමතාවයයි. තමන්ට ඕන ඕන හැටියට වෙනස් කල නොහැකි මේ ධර්මතාවය නියමයකි. ඒ ධර්ම නියාමයට අනුව බෙදා බලන වැඩ පිලිවෙල ධර්මතාවයටම ආවේණික පිළිවෙලක් මිස තම තමන්ට ඕන හැටියට මෙය මෙසේ විය හැකි යැය ලබ්ධි වලට ඕන හැටියට වන්නක් නොවේ.
0 comments:
Post a Comment