මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 18, 2010

පිටුව 61 සහ 62


(පිටුව 61)

ඒ පාප මූලයෝ හෙවත් භව රෝග කාරක විෂ බීජයෝ මතු කිසි දින‍ක නැගී නොසිටින ලෙස ක්‍රමයෙන් දුර්වල වී ගොස් කෙලවර කිරීමේ මාර්ගයයි ‍බුදු මග කියන්නේ, මෙය වඩාගෙන, ප්‍රගුණ ‍කරගෙන පොදි බැදගන්නා විදිහේ කිසිවක් නොවේ.  මේ තතු තේරුම් ගත නොහැකි අය පැවැත්මට අයිති ඒ ශාන්ති සුව ස්වභායන්‍හි හිත පිහිටුවා ඒවාට නිවන යැයි රැවටෙති.  තමා තුල ධර්මාවබෝධය හේතු කොට යම් රාග, ද්වේශ, මෝහ ස්වභාවයන් අත් හැරී යන බව පෙනේ නම් ඒ ආර්ය මාර්ගයේ වැඩීමයි. 

අත්හැරුන බව, මිදුන බව ප්‍රත්‍යක්ෂ ලෙස වැටහේ නම් ඵලය ලැබී ඇති බව තේරුම් ගත යුතුයි.  මේ බව වටහාගත යුත්තේ තමාම සිහි නුවණින් බැලීමෙනි.  අන්‍යන්ට කියා දිය යුත්තේ තමා ඵලයක් ලබා‍ සිටින බව නොව අත්දැකීම් සහිත නිසැක ‍මාර්ගය වේ. 

දැන් අපි සූවිසි ගුණ තුලින් මාර බාධක වලින් තොරව සැනසිල්ලේ නිවන් දැකිය හැකි ආර්ය මාර්ගය තේරුම් ගනිමු. 

ශාසනය ගොඩනැගී ඇති කරුණු 3කි.

1 ආර්ය සීල

2 ආර්ය සමාධි

3 ආර්ය ප්‍රඥා - යනුවෙන් ඒ බව පෙන්වා ඇත.



ශාසන සීලයට ආර්ය සීල යැයි නම් කරති.  ආර්ය සීලය අන්‍ය ශාසනයක නැත.  ආර්ය සමාධියද විශේෂ සමාධියකි.  අනාර්ය සමාධි ලෝකය තුලය.  ලෞකිකත්වයට බැදී ඇති සමාධියකි අනාර්ය සමාධිය.  ආර්ය සමාධිය ලෝකෝත්තර භාවයට උපනිශ්‍රයව පවතී.  ආර්ය ප්‍රඥාවද මේ ශාසනයේමයි.  ආනාර්ය ප්‍රඥා ලෞකිකත්වය හා බැදී පවතී. 



බුදු ගුණ නවයක්, දහම් ගුණ හයක්, සඝ ගුණ නවයක් වශයෙන් සුවිසි අනන්ත ගුණ පද වශයෙන් දක්වා ඇත.  මේ ගුණ පෙන්වා තිබෙන්නේ කිය කියා පුද පුදා සිටීමට නොවේ.  මේ තුලින් පෙන්වා ඇති ආර්ය මාර්ගය තේරුම් ගෙන ඊට අනුව පිලිපැද නිවන අත්කර ගැනීමටයි.



පෙර හෙළ අටුවා තිබූ කාලයේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා මුඛ පරපුරෙන් ගෙනා ඒ අර්ථ අද යටපත්වී ඇත.  අපේ පැරැන්නන් අදද වැඩකට නැති හිස් කථා දොඩන විට අපට ඔය වල් පල් වලින්, වැල් වටාරම් වලින් පලක් නැතැයි කියන්නට පුරුදු වී ඇත. 



(පිටුව 62)

මේ වචන සිහල භාෂිතයෙන් මෙසේ ආරෝපනය වී ඇත්තේ පෙර අපගේ ආර්ය සංස්කෘතියෙනි.  එදා සූවිසි ගුණ මගින් පෙන්වූ ආර්ය මාර්ග ප්‍රතිපදාවෙනි. 

බුදු ගුණ තුලින් ආර්ය ප්‍රඥාව සම්පූර්ණ වන අතර දහම් ගුණ තුලින් සමාධිය සම්පූර්ණ වේ.  සඝ ගුණ තුලින් සීලය සම්පූර්ණ වේ.  මේ ආර්ය මාර්ගයයි. 

පහත පටන් ගෙන ඉහළට නැගෙන අනූපූර්ව ප්‍රතිපදාවකි සූවිසි ගුණ අනුගමන රටාව.

අනන්ත සසරේ පටන් සත්වයා පුරුදු වී ඇත්තේ පංච කාම සම්පත් පසු පස හඹා යන්ටය.  එබදු ලෝකාමිශ ප්‍රතිපදාවක කටයුතු කරන පිරිසකට ආර්ය මාර්ගයේ උසස් ඵලයන්ට එක වරම ඇතුළු වීම ඉතා දුෂ්කර කාර්යයකි.  අනුපූර්ව ප්‍රතිපදාවෙන් ගමන් කලොත් ඉතා පහසුය.  වරදින්නේ නැත.  එබැවින් විසි හතර වැනි පදයේ පටන් ආර්ය මාර්ගය ආරම්භ කල යුතුයි.



24) අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

මේ අනන්ත ගුණයකි.  මෙහි උපමාවක් අන්තර්ගතව ඇත.  ලෝකයේ අනුත්තර පින් කෙත යැයි ව්‍යෘවහාර වේ.  බුදු සව් පිරිස අනුත්තර පින් කෙත් යැයි දාන මාන දිදී සිටින්ටද අපට කියා ඇත්තේ, නැත්නම් අප්‍රමාදව මාර්ගය වඩා ආර්ය ශ්‍රාවකයෙක් වන්ටද කියා ඇත්තේ සිහි කර බැලිය යුතුයි.

‍බුද්ධ භාෂිතය අනුව නම් පෙන්වන්නේ අප්‍රමාදව කටයුතු කර ආර්ය ශ්‍රාවකයෙක් වන ලෙසටය.

එසේ නම් අප පළමුව මේ අනන්ත ගුණයට ඇතුලු විය යුතුයි.  එම ගුණ ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේද එවිටය.  ගොවියෙක් කෙතක් සාදන හැටි උපමා කරගනිමින් අපද අප හදවත් තුල අනුත්තර පින් කෙතක් ජනිත කර ගත යුතුයි.  ඒවං උපසංහරතී  යන බුද්ධ දේශනාව අනුව එසේ සංසන්දනය කර දැනුම අවබෝධය ලැබිය යුතුයි.  ලෞකිකත්වයේ පිහිටපු සිතක් ඇත්තා හට ලෝකෝත්තර දහම් මගට කෙලින්ම පිවිසෙන ලෙස තේරුම් ගැනීම අපහසු බැවින් බුදු පියාණන්වහන්සේ මෙම අයුරු ගංගා, ගින්න, ගස්, වැල්, රෙදි කැබලි, අතු රිකිලි, ගොවිතැන් කර්මාන්ත මේවා උපමා කර‍මින් දහම් මගට සසදමින් කල ධර්ම දේශනා බොහෝය. 

0 comments: