(පිටුව 97)
තවදුරටත් භාවිතයේදී මුලදී පැයකින් පමණ මේ ධ්‍යානාංග පහළ වන්ට වී ක්‍රමයෙන් කාලය අඩුව පහළ වන්ට පටන් ගනී. පසු වන විට විනාඩි කීපයකදී ධ්‍යානය නැගී එන්ට වේ. මෙසේ භාවිත කරගෙන යන විට ශබ්ද නගා කියන්ට බැරි තරමට ප්‍රීතියෙන්, සුඛයෙන් ගත, සිත පිනා යන්ට පටන් ගනී. නිවනට නැඹුරුව කිසි දෙයක නොබැදුන චිත්ත ශාන්තිය නිශ්චලතාවයෙන් නැගී පිහිටයි. ක්‍රමයෙන් වචන භාවිතය සිතිවිලි බවට පත්ව ඒ ස්වභාවයද අඩු වී හැගීමෙන් භාවිත වෙන්ට වේ. ධ්‍යානය නැගී එන විට හිතට වචන ගලා එන ස්වභාවය ඉක්ම යයි. මෙබදු ස්වභාව යන්තම් වැඩෙන අවස්ථාවලද විය හැකි බැවින් මුලා නොවී සුළු වේලාවකින් නැවත භාවිත කළ හැකි බව වැටහෙන්ට පටන් ගත් විට නැවත භාවිතයට ගත යුතුය. මේ භාවනාවෙන් චතුර්ථ ධ්‍යානයට එන තුරුම හැගී මෙන් කියවීම කළහැක. මෙසේ භාවිත කරගෙන යෑමේදී හැගීමට ගෝචරව කර්මස්ථාන වාක්‍ය නැගී එද්දිම අධික ලෙස සිත, ගත ප්‍රීතියෙන්, සුඛයෙන් පිනා යමින් හුළං පිරවූ බැළුනයක් පාවී පිරී සිටන්නා සේ ඒ තත්වය පහත නොවැටීම තිබෙන අයුරු වැටහේ. එය එසේ පවතින්නේ කර්මස්ථාන භාවිතයේ සිටින විටය. කර්මස්ථාන සිහි නොකර ඇස් දල්වා පියවී ලොව අරමුණු කළවිට ක්‍රමයෙන් ඒ ස්වභාවය බැස ගොස් පියවි ලොව ස්වභාවයෙහි සිටිනු ඇත. මෙසේ පිරුන බැළුනයක්, ටියුබයක් සේ ප්‍රීතිය, සුඛය පිරී ධ්‍යාන සුවයෙන් බොහෝ වේලාවක් වුවද සිටිය හැකි මේ අවස්ථාව වන විට දෙවැනි ආර්ය ධ්‍යානයද ලැබී ඇති බව තේරුම් ගන්න. විටින් විට රැලි නැගෙන්නා සේ ප්‍රීතිය, සුඛය පිරී ධ්‍යාන සුවයෙන් බොහෝ වේලාවක් වුවද සිටිය හැකි මේ අවස්ථාව වන විට දෙවැනි ආර්ය ධ්‍යානයද ලැබී ඇති බව තේරුම් ගන්න. තවදුරටත් හැගීමට ගෝචරව කර්මස්ථාන වාක්‍ය සිහියට නැගේ. මුළු සිරුර සුවයෙන් පිරී ඉතිරී ගොස් ආකාශයක එම ආස්වාද සුඛ ස්වභාවයකින් බඹ ගණනක් කය වට කර එබදු සුව ආකර්ශනයකින් ඔසවා ගෙන සිටින ලෙස අවස්ථාවක් නැගෙනු ඇත. ඒ අවස්ථාවද විටින් විට මතු සුවයක් මැද කයද කිසිවක ස්පර්ශ නොවී අහසක ආස්වාද ආකර්ශන ශක්තියකින් ඔසවා සිටින සේ සුඛයෙන් පිරී පවතින අයුරු අත් දැකිය හැකිය. දැන් සංඥා වශයෙන් කර්මස්ථාන වාක්‍ය සිහි කිරීමද ටික ටික සියුම් වන්ට පටන් ගනී. ආර්ය වූ තෘතීය ධ්‍යානයට දැන් එළඹ ඇති බව තේරුම් ගන්න.
(පිටුව 98)
බොහෝ අයට ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ පටන් ශරීරාලෝකයක් පෙනි පෙනී ටිකෙන් ටික මතුවේ. මේ අවස්ථාව වන විට ඉතා හොදින් පරීක්ෂාකාරී විය යුත්තේ තමාගේ මාර්ගය නොමගට හරවන සිතිවිලි, රූප මෙන්ම අමනුෂ්‍ය බලපෑම් නිසා පෙන්වන රූපාකාර කථා බහ ආදිය දැනෙන්ට වීමයි. යමක් ලැබෙන විට උද්දාමයට පත්වන සසර ගතිය නිසා මේ අවස්ථා තම සිතේම බලපෑමෙන් තමා හරි උසස් තත්වයක සිටින කෙනෙකියි අදහස්ද මතු විය හැකිය. මේ සියල්ල තම කර්මස්ථානයට හෝ ආර්ය ධ්‍යාන මාර්ගයට බාධක බවත් අනවශ්‍ය බවත් මනා නුවණින් සිහි කර ගෙන තමා තුළටම හිත තබා ගත යුතුය. කායිකව දැනෙන සුවයටම හිත යොමු කර සිටිය යුතුය. ඒ සුවය පුද්ගලයෙක් ඇති කරන දෙයක් නොවේ. එය සුවාකාරවම මිස ද්‍රව්‍යකාර හෝ පුද්ගලාකාර නොවන බව තරයේ සිතට ගත යුතුය.
මෙසේ නොවරදවා චිත්ත සමාධියට සිත තබා කර්මස්ථාන වාක්‍යය හැගීමෙන් සිහි කර ගෙන යන විට සුවයම වැඩිපුර වැටහේ. දැන් කර්මස්ථාන වාක්‍යය සමහර විට සිහි නොගැන්නුවද පිරී ගිය සුව ස්වභාවයේ අරමුණෙහි සිත පැවැත්විය හැකිය. මේ අවස්ථාව වන විට ඉර මඩලක්, සද මඩලක් තමා ඉදිරියේ දුරින් ආකාශයේ තිබෙන සේද සමහර විට දක්නට ලැබේ. ඒ පෙනුනත් බලන්ට උත්සාහ ගැනීම අවශ්‍ය නැත. යම් විටෙක ඒ ආලෝකය තමා තුලට ඇතුලුව සෑම තැනම විසිර ගියාසේද පෙනෙනු ඇත. ආලෝක සුවය ඉතා නිදහස්ය. කායික සුවය ප්‍රබල වී කයද නොදැනෙන ලෙස හිරිවැටී ගියා සමාන ස්වභාවයක්ද විටින් විට ඇතිවේ. සමහර වෙලාවට හැගීමෙන් කර්මස්ථාන වාක්‍ය සිහි කිරීමටද හැකිවේ. මෙසේ යම් අවස්ථාවකදී මුළු සිරුර ආලෝකමත්ව අතපය, අග පසග වෙන වෙනම නොතේරී එකම එලි කදක් අහසේ පාවී ඉතා නිශ්චලව සිටින ලෙස තමා වැටහෙන්නට වේ. කල්පනාව හොදට ඇත. විශාල නිදහසක් ලැබුවා සේ වැටහේ. සමහර අයට බබලන ස්වභාවය සූර්යා මෙනි. චන්ද්‍රයාගේ පෙනෙන කහ පාට ස්වභාවයේ වර්ණද සුදු කුළුණක් සේ ද මෙසේ වැටහේ. බුදු පියාණන්වහන්සේ මේ චතුර්ථ ධ්‍යාන අවස්ථාව බවත් සියලු අග පසග නොපෙනෙන සේ සුදු රෙද්දකින් කය වැසූ විට පෙනෙන ස්වභාවය මෙන් වැටහෙන බවද දේශනා කර ඇත. මෙහි පෙන්වා ඇත්තේ අත්දැකීමය.
0 comments:
Post a Comment