(පිටුව 117)
ඇයි මේ මායාව මෙතෙක් බලවත්වූ සියලු ආදීනව වසාගෙන මේ තරම් තදින් නැගී සිටින්නේ. මේක තමයි අවිද්‍යාවේ හැටි. මේ අවිද්‍යාව නිකම්ම ලැබනෙවා නොවෙයි. කියලා බුදු පියාණන්වහන්සේ දේශනා කරනවා මීට හේතුව අසත් පුරුෂ සේවනයයි. මිනිසෙකුව උපන් ළදරු කාලෙ සිත මෙහෙම අසත්පුරුෂ අදහස් දීල නැහැ. මේවට මග පෑදුවේ කවුරන්ද? කනගාටුවෙන් නමුත් මේ ටික නොකියා බැහැ. දරුවට දොස් කියලා බැහැ. දරුවා මේවා බදාගෙන උපන්නේ නැහැ. දරුව මුල් කාලේ නොඉල්ලපු ලස්සන සුවඳ මායා ලෝකෙ සෙල්ලම ්ඉල්ලන්ට, ඒවාට නැමෙන්ට, රැවටෙන ලෝකයට මුල පුරන්ට දරුව ඒ මායාවල් ලැබුවේ කාගෙන්ද? අපේ සිංහල දරුවන් බෞද්ධ ගුණය තුළ වැඩෙන ආකාරයට පට පෙන්වා දුන් හෙළ අටුවා අද අතුරදන්ව ඇත. පටිච්ච සමුප්පාද ධර්ම රටාව ගුරුවරයා කරගෙන දහම් මඟ තෝරා බේරාගන්ට කියා දුන් ඒ උතුම් ධර්ම ර්තනය අද යටපත්ව ගොසිනි. නොළ යුතු පහත් වැඩ වලට අපේ ආදී පැරැන්නන් කීවේ සංකර වැඩ කියාය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංඛාරා තේරුම් ගෙන සිටි ආදී සිංහල බොදුනුවන් ඒවායටි සංකර වැඩ කියාල නොකළ යුතු ලෙස , නීච ලෙස දැක ඉවත් කළ යුතු ලෙස සැලකුවේ. සංකරව වැඩ කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංඛාර ඇසුරු කළොත් සංකර විඤ්ඤාණ පහළ වන බවත් ඒ සංකර විඤ්ඤාණ මුල් බැසගත්විට, දරුවාගේ සිත සංකර විඤ්ඤාණ සහගත වූ විට ඒ විඤ්ඤාණ නිතර ඉල්ලන්නේ බලාපොරොත්තු වන්නේ සංකර නාම රූපම බව දත් ආදී බොදුනුවන් මුලම කපා දමන්ට දක්ෂ වූහ. පොරොවෙන් කැපිය යුතු බවට පත්වීමට ප්‍රථම නියෙන් කඩඩා දමන එක කොපමණ පහසුද? නියෙන් කඩන පොඩි සංකර වැඩ පිළිවෙල මහ ඉහළ වටිනා දේ ලෙස කර ගසා ගත් තැන් පටන් අපට සිදු වූවේ බෞද්ධත්වයේ මහා පරිහානියට මුල පිරීමටයි. පොරොවෙන් කපන්නත් බැරි තරම් කොවුල් බැස ඇති සංකර විඤ්ඤාණ කුඩා කල සිටම ආරම්භ කර දෙන සංකර සමාජ වැඩ පිළිවෙල අද භාර ගෙන තිබෙන්නේ විනෝදකාමී නවීන සමාජයට ගැලපෙන සුන්දර වැඩ පිළිවෙලක් ලෙසය. මෙහි භයානකත්වය ධර්ම රත්නය තුළින් දැක ගන්ට බැරි ලෙස ඒ උතුම් ධර්ම රත්නය අද යටපත්ව ගොස් ඇත. තර්ක වාද කරමින් තම මතිමතාන්තර ධර්මය යැයි ලොවට ප්‍රකාශ කරමින් හිස උදුම්මාගෙන සිටින අයගේ කථා වලින් වන්නේ තව තවත් ශාසන පරිහානියක් සිදු වීම පමණකි. ආදී ගැමියන් ඒ උතුම් ධර්ම ර්තනය අනුව දැක ගැමි කවි මගින් පෙන්වූ හරය වටිනාකම නිම කරන්ට බැරිය. එහෙත් ඒවා අද මෝඩ ගැමියන්ගේ හණමිටි කථා බවට පත්ව ඇත.

(පිටුව 118)
මේ පැරණි ගැමි ගීයේ උඩින් මත්තෙන් අර්ථය බැලුවද එහි ඇත්තේ යහපත් අවවාදයකි. මුලාවෙන් කටයුතු කරන විට ඇතිව යිය හැකි බාධක කරදර මග හැර ගන්ට මෙය කොතෙක් අගනේද? බල්ලන් වැඩිපුරම හපන්නේ බයේ දුවන විටය. ගස් ගෙඩි කඩන්ට ගසට හැර මුලා සිහියෙන් ගස් යටට වී කඩන ගෙඩි ඇඟට වැඩී මිය යන, තුවාල ලබන අය අදටද දැකගත හැකිය. සෙල්ලම් බඩු තරඟෙට අරන් දෙන්ට යන හැටි අදද පෙනේ. අල්ලපු ගෙදර ළමයෙකුට මොනවා හරි අරන් දුන්නොත් ළඟ ගෙදර අයටද තම ළමයටද එසේ එබඳු සෙල්ලම් බඩු අරන්දීම අනිකුන්ට දෙවැනි නොවන ආඩම්බර වැඩ පිළිවෙලක් ලෙස සමාජයේ දක්නට ඇත. තමන්ගේ ආදායම මදිව ණය බරින්ද මිරිකෙමින් කරන මේ නිසරු වැඩ වල අඩු පාඩුව පෙන්වා දෙන්නේ කෙතෙක් යහපත් ලෙසද? නවීන සමාජයේ නිශ්ඵල එසේම දරුවන් ලෝභ, ද්වේශ, මෝහ සහගත බවට පත් කරන මේ හිස් වැඩ අද හිතන්නේ සාඩම්බර යහපත් වැඩ පිළිවෙලක් ලෙසය. නමුත් කුඩා කල මේ දමන සෙල්ලම් අත්තිවාරම තරුණ වියට පත් එම දඅරුවන් සල්ලායන් කර වන මුල බව මෝඩ දෙමව්පියෝ නොදනිති. පසුව පසු තැවෙති. උඩින් මත්තෙන් මේ කවියෙහි අර්ථය බැලුවත් කෙතෙක් යහපත් අවවාදයක් දෙන්නේද යන බව නුවණින් බැලූවිට පෙනේ. එසේම මෙහි ගැඹුරු යහපත් අර්ථයක්ද ඇත. මෙහි බල්ලන්ට උපමා කළේ යහපත් බුදු දහමට නිගරු කරමින් අර්ථ ශුන්‍ය කථා මහ ලොකුවට වර්ණනා කරමින් සමාජය හානි වෙන්ට ඇති ඉඩ කඩ අවුරා සත්පුරුෂ සමාජය බේරාගත යුතුය. මෙහි කොල්ලන්ට උපමා කලේ අන්ධ බාල පෘතග්ජනයන්ය. කොලු අදහස් ඇති හිස නිකට පැසුණු මහල්ලන් පවා උසස් අදහස් ඇති අය ලෙස පිළිගන ඔවුන්ට මුල් තැන දී යටහත්ව පහත් තැන් සිටින්ට ගියහොත් ඔවුන්ගේ පාප බේගල් නැමැති ගෙඩි ගුණවතුන්ගේ හිසට, ඇඟට වැටී ඒ අය අනාථයන් ලෙස වැනසෙන්නට වුවහොත් මූළු සත්පුරුෂ සමාජයම අඳුරට වැටෙනු ඇත. එබඳු දෙය අදද සිදුවන හැටි පෙනේ.
බල්ලන් බුරා එන කල පැන නොදුවල්ලා
කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිල්ලා
සෙල්ලම පොලේ බඩු තරගෙට නොගනිල්ලා
සෙල්ලම් කළොත් නිස්පල වෙයි දැනගල්ලා

0 comments:
Post a Comment