(පිටුව 123)
එබැවින් මේ ලෝක ඇසුර, කාම ඇසුර, ලෝභ ඇසුර නිසා දුක අසහනය පිරී පවතී. මෙසේ ලෝක, ලෝභ, කාම ආදී දෙයට අයිති වන්නේ මොනවාද? ඇස, කණ, නාසය, දිව, කය යන පස සමග මනද ආධ්‍යාත්මික ඉන්ද්‍රීය කොටසට අයිති වෙති. ඒවායින් ගන්නා අරමුණු අවිද්‍යාවෙන් කහට ගැන්වී මනස, රාග, ද්වේශ මෝහ සහගතව සියලු අසහනයන් ගොඩ නැගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර දේ සහ ඒවායේ බැඳී සිතන සිතිවිලි සහ බාහිර ගති කොටසට අයත් වෙති. මේවා බොහෝ වටින ප්‍රිය, ආස්වාදජනක දේ ලෙස ලෝ සතුන් තීරණය කරන්නේ, සාරවත් දේ ලෙස සිතන්නේ මේවායේ නියම ස්වභාවය විනිවිද දකින දහම් නුවණක් නැති බැවිනි. විද බලන්නට හැකියාවක් නැති නිසා එයට අවුදු හෙවත් අවිද්‍යා යැයි කියති. මෙහිදී “සං” යන වචනයද තේරුම් ගත යුතුය. මේ කියන අවිද්‍යා හේතු කොට ඉහත කී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම - ඇස, කන, දිව, නාසය, කය, මන මේ ගොඩවල් හෙවත් සමූහ සමග එක්වීම සං යනුවෙන් නම් කරයි. මේ ගොඩවල් සමග එක්වීම සාර හැටියට ගන්නේ නිසි තතු නොවැටහීම හෙවත් අවිද්‍යාව නිසාය. එබැවින් අවිද්‍යා නිසා මේ ගොඩවල් කෙරෙහි බැඳීම නම් වූ “සං” කෙරෙහි සාරයි යන හැඟීම ඇතිවේ. මේ අවිද්‍යාව තිබෙන තුරු ඇති වන දෘෂ්ඨිය සංසාරයි යන අදහසයි. යමක් සාරයි හැඟීම, අදහස තිබෙන තුරු ඒවා ඇසුරු කරන කටයුතු වල කැමැත්ත අත් හැරිය නොහැකිව ඒ සඳහා හිතින්, කයින්, වචනයෙන් කාර හෙවත් කටයුතු කරයි. මෙයටත් අවිජ්ජා පච්චයා සංඛාර කියන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ කීමෙහි සිංහල තේරුම මෙසේ විස්තර කර දැනගත යුතුයි. මේ ලෝකයේ, සක්වලේ කොතෙක් නමුත් සියුම් වේවා - ඝන වේවා, පෙනෙන වේවා - නොපෙනෙන වේවා, දුර වේවා - ළඟ වේවා, හීන වේවා - ප්‍රනීත වේවා, යම් තැනක යමක් හටගන්නේ නම් එය වැනසී යාව නොවැළක්විය හැකිය. ඊට හේතුව ඒ සෑම දෙයක්ම හටගැනීමට මුල හේතුවකින් ශක්තියක් ගැබ්වීම අවශ්‍යම කරුණක් වීමයි. නවීන විද්‍යාව මේ හට ගැනීම්වලට ශක්තියක් අවශ්‍ය බව අනිවාර්යෙන්ම පිළිගනිති.
(පිටුව 124)
ඒ අයගේ නිගමනය සූර්ය බල ශක්තියෙන් මේ ශක්තිය අවශෝෂණය වීමෙන් වන බවය. එහෙත් සූර්යයා කියන්නේ සදාතනික වස්තුවක් නොවන බවද පිලිගනිති. එය ශක්ති මූලයක් නොව ශක්ති කෝෂයකි. එනම් කෙබඳු ආකාරයෙන් හෝ එයද හටගත් වස්තුවකි. සූර්යයා හටගත් මූල ධර්මය නවීන විද්‍යාවද නොදනී. තවත් ආගම්වාද අතර මේ හටගැනීම් දෙවි කෙනෙකුගේ හෝ බ්‍රහ්මයෙකුගේ වැඩක් ලෙස කියයි. නමුත් ඒ දෙවයි හෝ බ්‍රහ්මයාද හටගත් කෙනෙකු මිස සදාතනික අය නොවේ. යම් කෙනෙක් හෝ දෙයක් හට නොගෙන පැවැත්මක් ඇති වන්ට හේතුවක් නැත. එසේ නම් මේ සත්වයා හටගත් මූලයක් තිබිය යුතු යැයි මෙවිට ප්‍රශ්නයක් පැන නගිනු ඇත. අනාදිමක් සසරේ පටන් එන ගමනේ මූලයක් තිබිය යුතු නේදැයි ප්‍රශ්නයක් නැගෙනු ඇත. සමහර අය සියලු දැනීමෙන් පරිපූර්ණ බුදු පියාණන් වහන්සේද මෙය නොදනී යන අදහස් ඇති කරයි. “පුබ්බා කෝටි නපඤ්ඤායති” යන පදයට අර්ථ දෙමින් පූර්ව කෙළවර හෙවත් මුල නොපෙනේ යැයි මෙසේ අර්ථ ඉදිරිපත් කරයි. මෙහි කියැවෙන්නේ “පූර්ව කෙළවර නොපනවමි“ යන්නයි. ඊට හේතුව ඒ දැන ගැනීම සැනසීමට, විමුක්තියට කෙසේවත් අවශ්‍ය නොවන්නක් වීමත් එය විග්‍රහ කරන්නට ගියොත් වටහා ගන්නාට මිනිස් මනස පූර්ණ නැතිකමත්ය. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ඇට්ටේරිය වනයක කොල ටිකක් අතින් අල්ලා මහණෙනි, මගේ මේ අතට අසුවුණු කොළද වැඩි මේ කැලේ තිබෙන කොළද වැඩි යැයි උපමා ප්‍රශ්නයක් ඇසීය. ස්වාමිනී, අතේ අසුවී තිබෙන කොළ මේ කැලේ කොළ වලට උපමා කරන්නට ගියොත් ඉතාමත් අල්පයකියි පිළිතුරු භික්ෂූන් වහන්සේලාගෙන් ලැබූණි.
මහණෙනි, මා වටහා ගත් දහම් අතුරින් දේශනා කර වදාලේ මේ අතේ අසුවූ කොළ තරම් ප්‍රමාණයකි. එහෙත් මා දත් දේශනා නොකළ දහම් මේ කැලේ තිබෙන කොළ තරම් විශාල යැයි දේශනා කළේය. එවන් මහත් අමතර දහම් කඳක් දැන තිබියදී දේශනා නොකරන්නේ, ඒවා විමුක්තියට හිතකර නොවන මුලාවට හේතුවන දේවල් බැවිනියි දේශනා කර වදාළහ. සත්ව විෂය, ලෝක විෂය, කර්ම විෂය, ධර්ම විෂය, චිත්ත විෂය යන පස අප්‍රමාණ විස්තර සහිත බවත් මේවායේ සියල්ල දැන දරාගන්ට ගියොත් දරා ගත නොහැකිව පිස්සෙක් වන බවත් හේතු ඇතිව දේශනා කර වදාළහ. සියල්ල දකින්නේ ලොව්තුරා බුදු බව ලැබූ උතුමන් පමණකි. එවිට උන්වහන්සේලාගේ මහා ප්‍රඥාවට වැටහෙන්නේ කෙතෙක් දැනුමට ගෝචර වුවත් සියලු අසහනයන්ගෙන් මිදී විමුක්තිය සඳහා අවශ්‍ය වන අල්ප මාත්‍රයක් පමණක් බවයි.

0 comments:
Post a Comment