(පිටුව 147)
මේ ජාති හතරට පත්වීමට එම වේශයෙන්ගෙන් හෙවත් වේශ ධාරීව සිටියාට බැරිය.. එයටද පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායක් ඇත. බෞද්ධ සිව් පිරිස පහළ කරන මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය අද විභංග ප්‍රකරණය නම් අභිධර්ම ග්‍රන්ථයට සීමාවී ඇති සේ පෙනේ. භාවිතයට විද්‍යාමාන වූ බවක් මෙකල දක්නට නැත. සත්පුරුෂ පින්වතුන්ගේ දැන ගැනීමට විභංග ප්‍රකරණයේ පච්චයාකාර විභංගයේ ඇති ඒ න්‍යාය මෙහි දක්වනු ලැබේ.
කුසල මූල පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සෝ
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා පසාදෝ
පසාද පච්චයා අධිමොක්ඛෝ
අධිමොක්ඛ පච්චයා භවෝ
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං
ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති
මෙහි ආරම්භය අවිද්‍යා ප්‍රත්‍යෙයන් නොව කුසල මූල හෙවත් අලෝභ, අද්වේශ, අමෝහ ප්‍රත්‍ය යෙනි. වේදනා පච්චයා තණ්හා යැයි නොයෙදී වේදනා පච්චයා පසාදෝ යනුවේන තණ්හාව වෙනුවට ප්‍රසාදය උපදින බව පෙන්වා ඇත. ඒව මේතස්ස කේවලස්ස දුක්කක්ඛන්ධස්ස සමුදයෝ හෝතී යනුවෙන් මෙසේ සියලු දුක් රැස පහළ වේ වෙනුවට ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝත් යනුවෙන් මෙසේ ධර්මයන්ගෙ පහළ වීම වේ කියා පෙන්වා ඇත. එබැවින් මේ පටිච්ච සමුප්පදය දුක හට ගන්වන, මතු දුකට හේත වන එකක් නොව ආර්ය භාවයට හේතු වන්නක් බව පෙනේ.
සමහරු මේ දහම් යටපත්වීම නිසා දස පූණ්‍ය ක්‍රියාවන් දුකට, පැවැත්මට හේතු වේ යැයිද එයත් අවිද්‍යා ප්‍රත්‍යෙයන් වන සංඛාර වැඩ පිළිවෙලක් යැයිද වරදවා තේරුම ගෙන පිං නොකර සිටී. නොකළ යුතු පිං ක්‍රමයක්ද ඇත. අවිජ්ජා පංච්චයා සංඛාර කියන තැන සංඛාරා යන්නට අර්ථ දෙන විට “පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනෙඤ්ජාභි සංඛාරා අයං වුච්චති අවිජ්ජා පච්චයා සංඛාරා“ යනුවෙන් අවිද්‍යා ප්‍රත්‍යෙයන් හටගන්න පුණ්‍ය සංඛාර අපුණ්‍ය සංඛාර ආනෙඤ්ජාබි සංඛාර (අරූප සංඛාර) යැයි කොටස් 3ක් පෙන්වා ඇත. කුසල මූල සංඛාර නම් මේවා නොවේ. මෙය විග්‍රහ කොට තේරුම් ගත යුතුයි.
(පිටුව 148)
අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පූණ්‍ය සංඛාර, අපුණ්‍ය සංඛාර, අනෙඤ්ජාභි සංඛාර (අරූප සංඛාර) යැයි කොටස් තුනක් පෙන්වා ඇත. කුසල මූල සංඛාර නම් මේවා නොවේ. මෙය විග්‍රහ කොට තේරුම් ගත යුතුයි. අවිද්‍යාව යනු මෝහය නම් පිං සිත් වලට එය ඇතුලු වන්නේ කෙසේ දැයි ධර්ම ධර පින්වත් පිරිස් අතරද මෙකල ගැටලුවක් මතුවී ඇත. අභිධර්මය ඉවත දමා මේ ප්‍රශ්නය නිරාකරණය කළ නොහැකියි. අභිධර්ම කරුණු නොවිමසා ගත් තීරණයකි අවිද්‍යාව නම් මොහයයි කියන අදහස. විභංග ප්‍රකරණයේ අවිද්‍යාව මෝහයට සීමා කර නැත. කරුණු 23ක සම්පිණ්ඩනයකි අවිද්‍යාව. එය සඳහන් වන්නේ මෙසේය.

“තත්ථ කථමා අවිජ්ජා? යං අඤ්ඤාණං, අදස්සනං, අනභිසමයෝ, අනනුබොධෝ, අසම්බෝධෝ, අප්පටිවේදෝ, අසංගාහනා, අපරියෝගාහනා, අසමපෙක්ඛනා, අපච්චක්ඛ කම්මං, දුම්මේජ්ජං, බාල්‍යං, අසම්පජඤ්ඤං, මොහෝ, පමෝහෝ, සම්මෝහෝ, අවිජ්ජා, අවිජ්ජෝඝෝ, අවිජ්ජායෝගෝ, අවිජ්ජානුසයෝ, අවිජ්ජා පරියුට්ඨානං, අවිජ්ජා ලංගී, මොහෝ අකුසල මූලං අයං වුච්චති අවිජ්ජා.“
චතුරාර්ය සත්‍ය නොදැනීමේ පටන් ක්‍රමයෙන් බලවත් වන නොදැනීම දුම්මෙජ්ජං කිව් තැන පටන් ක්‍රමයෙන් අඳුරු ගත් ස්වභාව පහළ කිරීම ආරම්භ වී මොහෝ යන තැන පටන් සත්‍ය කීවත් තේරම් ගන්ට නොහැකි තත්වයට මොටවී අන්තිමයේ මොහෝ අකුසල මූලය වූවේ 23 වැනි අවිද්‍යාවේ පහත්ව අවස්ථාවයි. එබැවින් අවිද්‍යා යන කාරණා 23ක එකතුව එකක් කොට ගත් විට ඒ අවිද්‍යාව භව මූලයකි. කාම සම්පත් වලට ආශාවෙන් පිං කරන විට කාම සුගති වල උපදවන්ට හේතු වන කොටස එහි අවිද්‍යා ලෙස ඇතුලත් වේ. ඒ කාම භව මූල කොටසයි. රූපාවචර ලොවක බ්‍රහ්ම සුවයට ආශාවෙන් ඇලී ධ්‍යාන වඩන විට අවිද්‍යාවට අයත් කරුණු 23න් එහි යෙදෙන්නේ එයට හේතු වන අවිද්‍යා කොටස්ය. අරූප ලෝකයක සුව බලාපොරොත්තුවෙන් හෝ අරූප ලොව නොනැසෙන තැනකි යන දෘෂ්ඨියෙන් අරූප ධ්‍යාන වඩන විට අවිද්‍යාවට අයත් කරුණු 23න් ආරම්භක කොටස් වලින් ඊට අයත් අවිද්‍යා කොටස් ඇතුළත් වේ.
0 comments:
Post a Comment