(පිටුව 69)
දැන් අපි අනන්ත ගුණ 3කින් ශාසනයට ඇතුළු වී ඇත. හතර වෙනුව ඇතුල් විය යුත්තේ විසි එක්වෙනි පාහුන්‍යෙය ගුණයටයි.
21) පාහුන්‍යෙය ගුණය
මේ ගුණය නිසා සංඝ රත්නය පෝෂණය ඉතා පහසුය. උන්වහන්සේෙග් පෝෂණයට අවශ්‍ය පසුතලය වැඩි දුර විහිදී නැත. ඇත්තේ තමා අවට සුලු සීමාවකි. දස දිගට විහිදුන අයිතිවාසිකම් වැඩකටයුතු උන්වහන්සේට නැත. උදව් උපකාර බලාපොරොත්තුවෙන් තැන තැන සොයා ඇවිදින්නේ නැත. අටපිරිකර දොලොස් පිරිකර වැනි කායික පරිහරණ ටිකකුත් සතර ඉරියව් පවත්වන්නට සුලු ඉඩ ප්‍රමාණයකුත් අතර ගැවසෙන උන්වහන්සේලාට ඇත්තේ උත්තරීතර ගුණ කදකි. සුළු ඇප උපස්ථානයක් කර ගත්තත් දායකයන්ට ලැබෙන පුණ්‍ය මහිමය අප්‍රමාණය. ඒ නිසා දුරපටන් ගෙනවුත් උන්වහන්සේලාට සිව්පස උපස්ථාන අතුරු උපස්ථාන කරන්ට පෙලඹෙන්නේ.
එබදු ගුණ කදක් තුලට පිවිසි පින්වත් බුදු සව් පිරිසකගේ දිවිපැවැත්ම ඉතා සැහැල්ලුය. තමා නිසා අන්‍ය පිරිසටද කිසි බාධකද නොවේ. මේ පහසුවෙන් දිවිගෙවන්නට හැකි න්‍යායයි. ශාසනයට පෑහෙන්නට හැකි සුදුසු ගුණයයි.
මේ චාම් වූ පහසුවූ ජීවිතයට පුරුදු වූ විට එයම සුව පහසු සැනසුම් දිවිමග බව අත්දකිනු ඇත. මෙසේ හතර වැනි අනන්ත සඝ ගුණයටද ඇතුළු වනු ඇත. එනම් සූවිසි ගුණ අතර විසි එක් වැනි ගුණයට දැන් පිවිස ඇත. දැන් ඇතුළු විය යුත්තේ විසි වැනියට කියවෙන ආහුනෙයිය ගුණයටයි. 24 වැනි ගුණයේ පටන් ඉහලට ඇති පස්වෙනි ගුණයටයි.
20) ආහුනෙයිය ගුණය
සිව්පසයෙන් සංග්‍රහ කිරීමේදී ඊට සුදුසු ගුණය ලෙස මෙය පෙන්වා ඇත. දහම් කොතෙක් ශ්‍රවණය කලත් බොහෝ අයට අර්ථය අසුනොවේ. ඊට හේතුවක් ඇත. විශ්වාස නොකිරීම හෙවත් ශ්‍රද්ධාව අඩුවීම හෝ නැතිබව ප්‍රධාන හේතු වලින් එකකි. අනිත් කරුණ නම් ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාන නුවණ යන 5 තිබිය යුතුය. මේ පස ලැබෙන්නේ දානය මුල්කරගෙනය.
(පිටුව 70)
ඉන් ලැබෙන පුණ්‍ය මහිමයෙනි. දෙන දෙය හේතුවෙන් දුන් අයට අනුකූල ලැබීම පහලවේ. “පූජකෝ ලභතේ පූජං”, යන බුද්ධ දේශනාවෙන් එය පැහැදිලි වේ. එසේම ‘ භෝජනං භික්ඛවේ උදමාන දායකෝ පටිග්ගාහකානන් පංචාණානි දේති, කතමානී පංච අයුං දේති, වර්ණං දේති, සුඛං දේති, බලං දේති, පටිභානං දේති’ මේ බුද්ධ දේශනාවෙන් පෙන්වන්නේ, “මහණෙනි, භෝජනයක් දෙනවා කියන්නේ දායකයා විසින් ප්‍රතිග්‍රාහකයාට කාරණා 5ක් දීමයි. ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභෘණ නුවණ යන 5යි. දුන්දේට අනුව ලැබීම පහලවීම නම් මේ පස දන්නේ විට හෙවත් භෝජන පූජා කිරීම හේතු කොටගෙන එම දායකයාද එබදු කාරණා 5ක් ලබන්නට පුණ්‍ය ශක්තිය ලබන බවයි.
සසරේදී කෙතෙක් භෝජන පූජාකර තිබුනත් විපාක ගෙනදෙන අවස්ථාවට ඊට අනුකූල ක්‍රියා පද්ධතියක් සිදුවිය යුතුය. එවිටයි ඒ පින් ප්‍රත්‍ය වී විපාකය මතු කරන්නේ.
ශ්‍රද්ධාවෙන් දන්දුන් විට, පෙර හේතු දැන් හේතුවට ඈදී පින් ඵලය ක්‍රියාත්මකව (අනන්තර + සමනන්තර ප්‍රත්‍යය අනුව) ශ්‍රද්ධා ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාණ නුවණ පහල වේ. මෙහිදී ශාසනික ගුණ ලෙස පෙරද කළ පුණ්‍ය ක්‍රියාවේ පුණ්‍ය ඵලය බැවින් අනුකූලව දැන්ද ශාසනික ගුණයෙන් වැඩෙමින් පිහිටා ප්‍රතිඵල උදාකරයි. දැන් දහම් අරුත ධර්මය අසනවිටම වැටහෙයි. එසේ නොවුනහොත් අරුත අසුනොවේ.
මෙසේ හේතු ඇති කල්හි අරුත හසුවේ. මේ ධර්ම අරුත අසුවෙන නියායයි. පෙර පුණ්‍ය ශක්තිය දැන්ද සම්බන්ධව ගුණ ක්‍රියාත්මක වී ඇති බැවින් සංඝරත්නය මේ ගුණයේ පිහිටා ඇත. ශ්‍රාවකයාද මෙසේ පිහිටා එම ආහුනෙයිය ගුණයට ඇතුළු වෙයි. 24 ගුණයේ පටන් ඉහලට පස්වැනි ගුණයද දැන් ඇතුලු වී ඇත. මීලගට ඉහලින් ඇති 6වන ගුණයට දැන් ඇතුලු විය යුතුය.
19) සාමීචීපටිපන්න ගුණය
මෙතෙක් කල් ශාසනය තුලට පිවිසෙන්නට කටයුතු කළත්, හිත තුළ ගැඹුරට කිදා බසින දහම් අරුත් වැටහෙන ශාන්ත නිදහස් බවට හිමිකම් සම්පූර්ණව සැකසී ඇත්තේ දැනුයි. මෙසේ චිත්ත ශාන්තියෙන් නොවිසිරෙන සිතින් අසන බණ හදවතට කිදා බැස පිහිටයි.
0 comments:
Post a Comment