බුද්ධ කාලයේ විසූ පෝඨිල නම් හිමි නමක් කකුසද, කෝනාගමන, කාශ්‍යප යන බුදු පියාණන්වහන්සේලාගේ ශාසන වල පැවිදිව ධර්ම දේශනාද කර මේ ගෞතම බුද්ධ ශාසනයේද පැවදිව ධර්ම දේශනා කලත් මේ උතුම් බුදු වදන ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුකොටගෙන තුච්ච පෝඨිල (හිස් පෝඨිල) යැයි බුදු හිමියන් ගෙන්ම අපවාද ලබා ඇති බව ධර්මයේ සදහන් වේ.
ශ්‍රවණය කරමින්, මනා නුවණින් නිතර සිහි කරමින් ඒ ධර්මයට අනුව හැසිරෙමින් කටයුතු කරන සත්පුරුෂයන්ටයි. අදහස ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන සෝතාපන්න මාර්ග ඵලයට පත්වන්ට ලැබෙන්නේ. එබැවින් මමත් මේ පදය දනිමියි උඩගු නොවිය යුතුයි.
යථා භූත ඥානය හෙවත් බොරුවේ ඇති සැටි වැටහෙන්නට සමාධිය ප්‍රධාන උපනිශ්‍රයයි. ආර්ය වූ අට මගක් අනුගමනය කිරීමෙන් ලැබෙන ආර්ය සමාධි චිත්තයටයි මේ ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ.
ආර්ය මාර්ගයට අයිති කොටස් අටෙන් පළමු කොටස සම්මා දිට්ඨි නමින් හදුන්වයි. පස් ආකාරයකින් සම්මා දිට්ඨි යන හංගය දේශනා කර ඇත.
සම්මා දිට්ඨි කොටස් පහකට බෙදා දක්වන්නේ මෙසේයි.
1. කම්මස්සකථ සම්මා දිට්ඨි
2. ධ්‍යන සම්මා දිට්ඨි
3. ඥාන සම්මා දිට්ඨි
4. මාර්ග සම්මා දිට්ඨි
5. ඵල සම්මා දිට්ඨි
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක හංගයක්වත් ශාසනයෙන් පිටත සහ අබුද්ධෝත්පාද කාල වල විද්‍යාමාන නොව බව ත්‍රිපිටක ග්‍රන්ථ වල සටහන් වේ.
කම්මස්සකථ සම්මා දිට්ඨිය සහ ධ්‍යාන සම්මා දිට්ඨිය අබුද්ධෝත්පාද කාල වලද ප්‍රකටය. එසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සම්මා දිට්ඨිය කුමක්දැයි විශේෂයෙන් දැනගත යුතුයි. එනම්,
"දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥානං අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි"
(පිටුව 12)
"දුක පිලිබද ඤාණය, දුකට හේතුව පිලිබද ඤාණය, දුක නැතිකිරීම පිලිබද ඤාණය, දුක නැතිකිරීමේ මාර්ගය පිලිබද ඤාණය සම්ම දිට්ඨිය" ලෙස ඉහත පාඨයෙන් පෙන්වා වදාරා ඇත. එය නම් තෙවනුව කී ඥාන සම්මා දිට්ඨියයි.
වචන වශයෙන් භාවතා කල අට මගක් අන්‍ය පරිබ්‍රාජික පිරිස් අතරද පෙර තිබූ බව පෙළ දහම් පොත්වල පෙන්නා ඇත. ශාසන අරුත එකකි. ලෝක අරුත අනෙකකි. දහම් අරුත ඔප් නංවා සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේලා ගෙනා අරුත් තිබූ හෙළ අටුවා මේ වන විට විනාශ වී හෝ විනාශ කර ඇති බැවින් ඒ අරුත සදහන් පත් ඉරුවක් පමණකුදු මෙකල දක්නට ලැබෙන්නේ නැත.
බුදු දහම දරාගෙන ආ පිරිස් අතර බ්‍රාහ්මණ, ශිව, මහායාන, අදහස් දැරූ පිරිස් සිටියා නම් දහම් පද අරුත් විපරිත වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති විය හැකියි.
මෙහිදී අංගය හා හංගය යන වචන වල අරුතද තේරුම් ගත යුතුය. මෙකළ අංග අටකින් යුත් මාර්ගයයි අර්ථ දැක්වුවද නියම වචනය විය යුත්තේ හංග අටකින් යුත් මාර්ගය යන්නයි.
අෂ්ට + හංගික මාර්ගය යන්න පද එකතුවේදී අෂ්ටාංගික කියා සම්බන්ධ වන අයුරු තේරුම් ගත යුතුයි.
අංග යනු ගැටීමට හේතුවන යන අරුත් ගෙන දෙන්නක් බව මුලදී පෙන්වා ඇත. අද වචන භාවිතයේදී හංගනවා යන පදය බලන විට පෙනෙන්නට තිබූ දෙයක් අදෘෂ්‍යමාන කල විට භාවිත කරයි. හංගනවා, හැංගුවා ආදී වචන වලින් එය ස්ඵුට වේ. අංග නසන අර්ථයෙන් හංග යැයි භාවිතා වේ. දහ හංගේහි සමන්නාගතෝ අරහාති ආදී බුද්ධ වචන විමසා බලන්න.
ධර්ම කොට්ඨාශ වල අරුත යටපත් වුවොත් පෙල දහම් පද විද්‍යාමාන වුවත් ආර්ය ධ්‍යාන මාර්ගඵල අවබෝධයට එය මහත් බාධාවකි. ඒ උත්තරීතර ඵලයන් බලාපොරොත්තුවෙන් භාවන කරන පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන් මෙකල දුලභ නැත. එහෙත් උතුරු මිනිස්දම් කියන ධ්‍යාන මාර්ග ඵල ලැබූ පින්වත් පිරිස් ගැන අසන්ට පවා දුර්ලභය.
0 comments:
Post a Comment